Home » දිවලකඩ රතනජෝති හිමි සමරුව සහ ගුලිගේ දිවලකඩ පුරාණය හෙට එළිදකී

දිවලකඩ රතනජෝති හිමි සමරුව සහ ගුලිගේ දිවලකඩ පුරාණය හෙට එළිදකී

by sachintha
February 28, 2024 12:07 am 0 comment

දිවලකඩ ශ්‍රී ඛෙත්තාරාමය සහ නාවලසිරි සිද්ධත්ථාරාමාධිපති පදවිය ඉසිලූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය ධුරය හෙබවූ දිවලකඩ ශ්‍රි රතනජෝති නායක හිමියන්ගේ ගුණ සමරුවට දානමය පින්කමක් හෙට (29) දිවලකඩ ශ්‍රි ඛෙත්තාරාමයේදී පැවැත්වීමට දායක සභාව කටයුතු යොදා ඇත.

බෝතලේ ඥානිස්සර නායක හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මේ පින්කමේදී රතන ජෝති හිමියන්ගේ ගුරු ආචාර්යන් වහන්සේ වන යටවතුරේ පියරතන නායක හිමියන්ට ද පින් අනුමෝදන් කිරීමට ද ඛෙත්තාරාම දායක සභාව වැඩිදුරටත් සංවිධාන කර ඇත.

එදින දිවලකඩ ගුණදාස ලියනගේ සූරීන් ලියූ දිවලකඩ පුරාණය ඇතුළත් බැද්දට මල් වරුසා කෘතිය එළිදැක්වීමට ද වජිර ලියනගේ මහතා විසින් කටයුතු යොදා ඇත.

ආරාධිත දේශනය ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී තිස්ස ජයවර්ධන මහතා විසින් පවත්වයි.බැද්දට මල් වරුසා කෘතියට පෙර වදනක් සපයා ඇති මහාචාර්ය නන්දසේන රත්නපාල සටහන් කර ඇත්තේ බැද්දේගම, ගම්පෙරළිය සහ කරුමක්කාරයෝ වැනි මෙරට ගැමි ජීවිතය නිරූපිත නවකතා අතරින් ප්‍රශස්ථම කෘතිය වන්නේ ‘බැද්දට මල් වරුසා’ නවකතාව බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT