Home » මහා මාර්ග සංවර්ධනය මූවාවෙන් මහ පාරේ නිධන් හාරලා

මහා මාර්ග සංවර්ධනය මූවාවෙන් මහ පාරේ නිධන් හාරලා

by yasara
February 28, 2024 10:12 am 0 comment

මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුත්තක් සිදු කරන මුවාවෙන් නිධානයක් හෑරූ පුද්ගලයින් හතර දෙනෙකු යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ (27)  අත් අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කණ්ඩායමක් එහි ගොස් විපරම් කිරීමේදි මාර්ග සංවර්ධන කටයුත්තක් සිදු කරන බව පැවසූ එම ස්ථානයේ සිටි හතර දෙනා ඊට අදාල ලියකියවිලි ද ඉදිරිපත් කොට ඇත.

නිලධාරීන්ට ඇති වූ සැකයක් මත ඉන් පසුවද එම ස්ථානයට ගොස් පරීක්ෂා කොට බලන විට නිධානයක් ගොඩ ගැනීමට උත්සහ දරණ අන්දම පෙනී යාමෙන් පසුව ඔවුන් හතර දෙනාම අත් අඩංගුවට ගෙන තිබේ.

නිධානය ගොඩ ගැනිම සදහා උපයෝගී කර ගන්නා ලද උපකරණ කීපයක් හා ටිපර් රථයක්ද යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනාම මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් හා උපකරණ වැඩිදුර පරීක්ෂණ සදහා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් මුලතිව් පොලීසිය වෙත බාර දී තිබේ.

මුලතිව් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT