මස්කෙළිය පොලිස් වසමට අයත්, ස්ට්‍රැත්ස්පි තේ වතුයායේ, කොමරි කොටසේ වතු නිල නිවෙසක් පිටුපස තිබී ඉකුත් 25 වැනි දින රාත්‍රියේ මළ සිරුරක් සොයාගෙන ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ එම තේ වතුයායේ පදිංචිව සිටි කුමාරවේල් සුබ්‍රමණියම් නමැති (40) හැවිරිදි දෙදරු පියෙකුගේ බවට මිය ගිය අයගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇත. මිය ගිය අය සතියකට පමණ පෙර අතුරුදන්ව ඇති බවට මිය ගිය අයගේ බිරිය වන මුවනා නමැති අය විසින් මස්කෙළිය පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බව මස්කෙළිය පොලිසිය පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පෙරේදා (26) දික්ඔය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි. මේ සම්බන්ධව මස්කෙළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක