Home » ගණන් සර්ගෙන් ගුටි කා සිහිසුන් වූ සිසුවා මන්නාරම රෝහලේ

ගණන් සර්ගෙන් ගුටි කා සිහිසුන් වූ සිසුවා මන්නාරම රෝහලේ

by sachintha
February 28, 2024 12:38 am 0 comment

මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ සිසුවකුට එම පාසලේ ගණිත ගුරුවරයා විසින් ඉතා අමානුෂික අන්දමට පහර දීම හේතුවෙන් සිහිසුන් වූ සිසුවා පෙරේදා (26) මන්නාරම රෝහලට ඇතුළත් කෙරිණ.

එම සිසුවා තවත් සිසුවකු සමඟ පන්ති කාමරයකදී ඇති කර ගත් ගැටුමක් සම්බන්ධයෙන් ශිෂ්‍ය නායකයකු ගණිත ගුරුවරයාට කළ පැමිණිල්ලක් විභාග කොට අදාළ ගුරුවරයා එම සිසුවාට පහර දී ඇත. පහර කෑමෙන් තුවාල ලබා සිහිසුන් වූ සිසුවා රෝහල් ගත කෙරුණු අතර, මේ පිළිබඳව සිසුවාගේ මව්පියන් පේසාලේ පොලිසියට හා මන්නාරම කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කර තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT