Monday, May 12, 2025
Home » යතුරුපැදිය හප්පා ගිය මෝටර් රිය ලොරි රථයක ගැටෙයි – කාන්තාවකට බරපතළයි

යතුරුපැදිය හප්පා ගිය මෝටර් රිය ලොරි රථයක ගැටෙයි – කාන්තාවකට බරපතළයි

by sachintha
February 28, 2024 1:44 am 0 comment

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල, ලංසිගම ප්‍රදේශයේ 26 වෙනි දින රාත්‍රී 10.00ට පමණ සිදු වූ අනතුරකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල පොලිසිය කියයි.

අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 50ක් වූ මාරවිල හත්තිනිය ප්‍රදේශයේ පදිංචි මදබාවිට කංකානම්ලාගේ ප්‍රියංගි තුෂාරි නමැති කාන්තාවකි.

ඇය කටුනේරිය ප්‍රදේශයේ රාත්‍රී ආහාර අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යන අතර, එහි වැඩ කටයුතු නිම වී යතුරුපැදියෙන් නි‍ෙවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදු වී තිබේ. වෙන්නප්පුව ප්‍රදේශයේ සිට මාරවිල දෙසට ගමන් ගත් මෝටර් රථය, එම දිශාවටම කාන්තාව ගමන් ගත් යතුරුපැදිය අනතුරට ලක් කරමින් මෝටර් රථය නොනවත්වා ගමන් කිරීමේදී, විරුද්ධ දිශාවෙන් පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක මුහුණට මුහුණලා ගැටී මාර්ගය අසල තාවකාලිකව ඉදිකර ඇති වෙළෙඳසලකට අලාභ හානි සිදුකර, දුරකතන රැහැන් කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බව මාරවිල පොලිසිය පවසයි.

අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලබා සිටි කාන්තාව මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත. මෝටර් රථයේ රියැදුරු අධික ලෙස බීමත්ව පැමිණ කාන්තාව අනතුරට ලක් කර පලා ගොස් ඇති අතර, පසුව අනතුර සිදු වූ ස්ථානයේ සිට කිලෝ මීටරයක් පමණ ඉදිරියට ගිය පසු වේගය පාලනය කළ නොහැකිව ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී තිබේ. අනතුරෙන් තාවකාලික වෙළෙඳසැල මුළුමනින්ම විනාශ වී ඇත. දුරකතන රැහැන් කණුව කැඩී ගොස් ඇති අතර, මෝටර් රථයට හා යතුරුපැදියටද බරපතළ හානි සිදුව ඇත.

මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරින් මෝටර් රථයට හා යතුරුපැදියට දැඩි අලාභ හානි සිදුවී තිබේ. මෝටර් රථයේ රියැදුරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධව මාරවිල පොලිසියේ රථවාහන අංශය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

මාරවිල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල පීරිස්, උප පොලිස් පරීක්ෂක සුනිල්, පොලිස් සැරයන් (59214) රත්නායක, පොලිස් කොස්තාපල්වරුන් වන (68251) සුමිත්, (77372) ගුණරත්න යන අය සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරති.

මාරවිල සමූහ මිහිර විජේසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT