197
යාපනයේ වඩමාරච්චි, උඩුතුරෙයි ප්‍රදේශයේ ධීවරයෙකුගේ දැලකට කිලෝ ග්‍රැම් 3700ක් පමණ බර මෝරෙකු පෙරේදා (26) හසු වී තිබේ.
ඔහුගේ දැලට ඉතා විශාල බරකින් යුත් යමක් පැටලී ඇති බව දැන ගැනීමෙන් පසුව සෙසු ධීවරයින්ගේ හා ට්‍රැක්ටරයක ආධාරයෙන් දැල ගොඩට ඇදීමේදී ඊට දැවැන්ත මෝරෙකු හසු වී ඇති බව දැක ගන්නට ලැබී තිබේ.
එම දැවැන්ත මෝරා එදින පවති මාළු වෙන්දේසියේදී ව්‍යාපාරිකයෙකු විසින් රුපියල් ලක්ෂ 16කට මිලට ගත් බව වඩමාරච්චි ධීවර සංගමයේ පිරිස පවසා සිටියහ.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ