මන්නාරමේ සිට රැගෙන ගිය රත්තරන් කුට්ටි තොගයක් තමිල්නාඩුවේ වේදලෙයි සිංගිවාලෙයි මුහුදේදී මුහුදට දැමීමෙන් පසුව එම රන් කුට්ටි සෙවීම සඳහා තමිල්නාඩු නාවික හමුදාව හා වෙරළාරක්ෂක නිලධාරීන් පෙරේදා (26) විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.
බෝට්ටුවකින් රත්තරන් තොගයක් රැගෙන එන බවට ලැබුණු තොරතුරක් මත තමිල්නාඩු නාවික හමුදාව එම බෝට්ටුව පසුපස හඹා යන විට එහි සිටි සැකකරුවන් දෙදෙනා බෝට්ටුවේ තිබූ රන් කුට්ටි මුහුදට දමා තිබේ.
නාවික හමුදාව විසින් එම බෝට්ටුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් දෙදෙනා ප්‍රකාශ කොට ඇත්තේ මන්නාරමේදී ව්‍යාපාරිකයෙකු රන් කුට්ටි තොගයක් බෝට්ටුවට පැටවූ බවයි. ඒවා ඔවුන්ට තමිල්නාඩුව වෙත රැගෙන යාම සඳහා රුපියල් ලක්ෂ තුනක ගාස්තුවක් ලබා දෙන බවට පොරොන්දු වූ බවත් ඉන් රුපියල් ලක්ෂයක මුදලක් අත්තිකාරම් වශයෙන් ව්‍යාපාරිකයා ගෙවූ බවත් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා ප්‍රකාශ කොට තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම ඉන්දීය ධීවරයින් බව වාර්තා වෙයි. ඔවුන් දෙදෙනාව තමිල්නාඩු රාමනාදන් පොලිසිය වෙත භාර දී ඇති නාවික හමුදාව තවත් විශාල පිරිසකගේ සහය මත මුහුදට දැමූ රන් කුට්ටි සෙවීමේ මෙහෙයුමක් දියත් කොට තිබේ.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ