Home » මිහින්තලේ සරසවි සිසුන්ට මත්පෙති වික්ක 2කට මාංචු

මිහින්තලේ සරසවි සිසුන්ට මත්පෙති වික්ක 2කට මාංචු

by sachintha
February 28, 2024 1:53 am 0 comment

මිහින්තලේ සරසවි සිසුන් හට මත්පෙති අලෙවි කළ ජාවාරම්කරුවන් දෙදෙනෙකු Pregabalin Capsules නමැති මත්පෙති 700ක් සමඟ අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ සමත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 24 හා 28 හැවිරිදි මිහින්තලය ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.

අනුරාධපුර ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත පෙරේදා (26) රාත්‍රියේ එම නිලධාරීන් කැබිතිගොල්ලෑව සුරාබදු නිලධාරීන් සමඟ එක්ව මෙම වැටලීම සිදු කර තිබුණි.

මොවුන් මෙම ජාවාරම මැදවච්චිය, කැබිතිගොල්ලෑව, හොරොව්පොතාන, කහටගස්දිගිලිය ඇතුළු නගර ඉලක්ක කර ගනිමින් මීට පෙර සිදු කර ඇත.

අනතුරුව මිහින්තලය ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලකට වී සරසවි සිසුන් ඉලක්ක කර ගන්මින් දීර්ඝ කාලීනව මෙම ජාවාරමේ යෙදුණ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු එහි සිට ඇති අතර වැටලීම සිදු කර ඇති අවස්ථාවේ එක් සැකකරුවෙකු පැන ගොස් තිබුණි. අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියක් සමඟ මත් පෙති 700ක් ද අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් සමත්ව ඇත.

අනතුරුව සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් භාණ්ඩ අනුරාධපුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර ඇත. එහිදී සැකකරුවන් ඇප මත නිදහස් කර ඇති අතර ලබන මස 29 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

මරදන්කඩවල – සජිත ගයාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT