Friday, May 9, 2025
Home » කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණය මිහිපිට අපායක්

කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණය මිහිපිට අපායක්

by sachintha
February 28, 2024 1:58 am 0 comment

කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණයේ සමහර ගොඩනැඟිලිවල වහලයට සවිකර ඇති සිවිලිමේ කොටස් ගැලවී අබලන් තත්ත්වයෙන් පැවතීම නිසා මේවායේ සිටින වෙළෙඳුන් සහ මෙම ස්ථානයට පැමිණෙන පාරිභෝගික ජනතාව විවිධ පීඩාවලට ලක්ව සිටිති. මීට අමතරව මෙම භූමියේ ඇති සමහර කානු පද්ධති අවහිරවීම හේතුවෙන් ප්‍රදේශයේ මැසි මදුරුවන් බෝවීමේ අවදානමක් මතුව පවතියි. මෙම ස්ථානයට විවිධ පුද්ගලයන් විසින් කැළි කසළ බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශය දැඩි දුඟදක් සමඟ අපවිත්‍රව පවතියි. වසර ගණනාවකට පෙර මෙම කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණයේ සමහර ගොඩනැඟිලි ඉදි කර ඇති අතර, ඒවා නිසි පරිදි ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ඒවා මෙසේ අබලන් වීමට හේතු වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මේ වන විට මෙම ස්ථානයේ සවිකර ඇති පානීය ජලය ලබා ගන්නා සමහර ජල කරාමවල දිය සෙවල බැඳී අපවිත්‍ර තත්ත්වයෙන් පවතින නිසා මෙහි වෙළෙඳුන් සහ පාරිභෝගික ජනතාව විවිධ ගැටලුවලට මුහුණපා සිටිති.

කිරිබත්ගොඩ වැනි ජනාකීර්ණ නගරයක මෙවැනි අබලන් තත්ත්වයේ පොදු වෙළෙඳ සංකීර්ණයක් පැවතීම පිළිබඳ ප්‍රදේශවාසි ජනතාව විවිධ මත පළ කරති.

ඒ අනුව කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණයේ පවතින අඩුපාඩු නිසි පරිදි පිළිසකර කර දෙන ලෙසට ප්‍රදේශවාසිහු අදාළ අංශවලින් ඉල්ලා සිටිති.

මහර සමූහ – ගණිදු රෝචන සමරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT