Home » ඉද්දගොඩ තරුණ බෞද්ධ සංගමයෙන් පාසල් සිසුන්ට උපකරණ

ඉද්දගොඩ තරුණ බෞද්ධ සංගමයෙන් පාසල් සිසුන්ට උපකරණ

by sachintha
February 28, 2024 1:04 am 0 comment

මතුගම, ඉද්දගොඩ ශ්‍රී සුමනභද්‍රාරාම විහාරස්ථානයේ ඉද්දගොඩ තරුණ බෞද්ධ සංගමය මඟින් වාර්ෂිකව පවත්වන ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාසල් පොත්, බෑග්, සපත්තු පරිත්‍යාග කිරීමේ වැඩසටහන පසුගියදා මතුගම ඉද්දගොඩ ශ්‍රී සුමනභද්‍රාරාම විහාරස්ථනයේදී පැවැත්විණි.

8 වැනි වරට පැවැත්වූ මෙම වැඩසටහනේදී පාසල් සිසුන් 125 දෙනෙකුට පාසල් බෑග්, සපත්තු සහ පොත් පරිත්‍යාග කළ අතර එම අවස්ථාවට ඉද්දගොඩ ශ්‍රී සුමනභද්‍රාරාම විහාරාධිපති කළුතර දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක වෙල්ගම ගුණසිරි හිමියන්, ඉද්දගොඩ තරුණ බෞද්ධ සංගමයේ සභාපති ඉෂාන් මධුරංග, ලේකම් ඩබ්ලිව්. කේ. ශ්‍රීමාල්, භාණ්ඩාගාරික කේ. ඩබ්ලිව්. නිමේෂා ඇතුළු සාමාජික සාමාජිකාවෝ සහ ප්‍රදේශවාසීහු පිරිසක් සහභාගී වූහ.

මතුගම සමූහ – බී. ටී. තඹවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT