Home » පොලිස් ඉතිහාසයේ මුල් වරට කොස්තාපල්වරියකට අසරුවන් පැදවීමේ ප්‍රවීණතාව

පොලිස් ඉතිහාසයේ මුල් වරට කොස්තාපල්වරියකට අසරුවන් පැදවීමේ ප්‍රවීණතාව

by sachintha
February 28, 2024 1:08 am 0 comment

වසර 157ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම වරට කාන්තා පොලිස් කොස්තාපල්වරියක අසරුවන් පැදවීමේ ප්‍රවීණතාව ලබා ගැනීමට පසුගියදා සමත් වී ඇත.

2024.01.08 වැනි දින පොලිස් අශ්වාරෝහක මූලස්ථානයේදී පවත්වන ලද අසරුවන් පැදවීමේ ප්‍රවීණතා පරීක්ෂණයට ඉදිරිපත් වූ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කාන්තා පොලිස් කොස්තාපල් (12426) ඒ. ජී. එස්. එම්. කේ. රත්නායක යන නිලධාරිනිය මෙම දක්ෂතා දක්වා ඇත. ඇය සමඟ සහකාර පොලිස් අධිකාරියේ රුචිර කරුණානායක මහතා හා පොලිස් කොස්තාපල් (25584) සඳකැළුම් යන නිලධාරීන් ද මෙහිදී ප්‍රවීණතාව ලබා ගෙන ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මෙම පරීක්ෂණය පවත්වා ඔවුන්ට හිමි ලාංඡනය පලඳවා ඇත.

නදීෂානි සඳුනි කුමාරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT