Friday, May 16, 2025
Home » බටුවංගල අරුණලු පාඨක සමාජයෙන් සඟසතු දනක්-උපහාර උළෙලක්

බටුවංගල අරුණලු පාඨක සමාජයෙන් සඟසතු දනක්-උපහාර උළෙලක්

by sachintha
February 28, 2024 1:10 am 0 comment

මතුගම ප්‍රාදේශීය සභාවේ වැලිපැන්න, බටුවංගල රාහුල පුස්තකාලයේ අරුණලු පාඨක සමාජය මඟින් මේ වන විට මිය ගොස් සිටින පුස්තකාල පාඨකයන් සහ ප්‍රදේශවාසීන් සිහිපත් කර සාංඝික දානමය පින්කමක් සිදු කර අනතුරුව වැලිපැන්න ප්‍රදේශයට සුවිශේෂී සේවාවක් සිදු කරන පරාර්ථකාමීන් පිරිසකට උපහාර දැක්වීමේ වැඩසටහනක් පෙරේදා (26) එම පුස්තකාලයේදී පැවැත්විය.

එහිදී වැලිපැන්න, නුගේගොඩ විහාරස්ථානයේ විහාරාධිපති වළල්ලාවිට චන්දානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සාහිත්‍යශුරී බටුවංගල රාහුල හිමියන් ඇතුළු ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් සාංඝික දානමය පින්කම සිදු කළ අතර, ඉන් අනතුරුව පැවැති උපහාර පිදීමේ අවස්ථාවේදී වැලිපැන්න සහ අවට ප්‍රදේශවලට විශාල සේවයක් සිදු කරන හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතාට, වැලිපැන්න පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මනෝජ් අමරසේකර මහතාට, ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවට සහ 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ කාර්යමණ්ඩලයට ඔවුන් සිදු කරනා සේවය අගයා උපහාර පිදීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලූ නිශාන්ති ඉද්දගොඩ මහත්මිය ඇතුළු මතුගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු, ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරු, රාජ්‍ය නිලධාරීහු, පුස්තකාල පාඨකයෝ සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.

මතුගම සමූහ බී. ටී. තඹවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT