243
ගිරිබාව පොලිස් වසම හා තඹුත්තේගම පොලිස් වසම් අතරට අයත් කහ පාලමේ යකඩ තහඩු පහක් 27 දා අලුයම් කාලයේ දී සොරාගෙන ගොස් තිබේ.
මෙම පාලමෙන් වාහන ගමන් කිරීමේ දි සිදුවෙන අවදානම සැලකිල්ලට ගෙන මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් එහි බිම අබලන් ස්ථානවලට අඩි පහක් පළලට හා අඩි දෙකක් දිගින් යුත් ඝනකම් සහිත යකඩ තහඩු පහක් අතුරා තිබුණි.
ඒවා අලුයම් කාලයේ දී කිසියම් පිරිසක් එක්ව මෙසේ ගලවාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය සදහන් කරයි. සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ගිරිබාව පොලිසිය පරික්ෂණ පවත්වයි.
පොල්පිතිගම -නන්දන කැලේගම.