Home » ඇතුළත්මුදලි සමරු කේන්ද්‍රයෙන් පාසල් 21කට තෑගි

ඇතුළත්මුදලි සමරු කේන්ද්‍රයෙන් පාසල් 21කට තෑගි

by sachintha
February 28, 2024 1:00 am 0 comment

“ දුප්පත්කම කිසිදාක අධ්‍යාපනයට බාධාවක් නොවේ ” යන දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සංකල්පයකට අනුව එතුමා ආරම්භ කළ දුප්පත් හා දුෂ්කර ගම්මානවල පාසල් දරුවනට පාසල් පොත් කට්ටල බෙදා දීමේ වැඩසටහනට සමගාමීව දෙහිවල සහ රත්මලාන සංවර්ධන පදනම හා ලලිත් ඇතුළත්මුදලි සමරු පදනම් කේන්ද්‍රය ඒකාබද්ධව 27වැනි වරටත් සිදු කරනු ලැබූ පාසල් පොත් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කය මහඔය අධ්‍යාපන කලාපය කේන්ද්‍ර කරගෙන පාසල් 21ක ළමුන් සඳහා බෙදාදීමේ වැඩසටහනක් අම්/ කැප්පෙටිපොළ ද්විතීයික විදුහලේ දී හා කරදියන්ආරු විදුහලේ දී සිදු කරනු ලැබිණි.

මෙම වැඩසටහන මහඔය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. එම්. තිලකරත්න මහතා ඇතුළු නිලධාරීන් සමඟ පාසල් 21ක විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් විසින් සංවිධානය කරනු ලැබූ අතර ඒ සඳහා මහගල්වල යාය, ඇල්ලේගොඩ, කුඩාහරස්ගල, බැඳිරැක්ක, පොල්ලෙබැද්ද, දඹදෙණිය, උණුවතුර බුබුළ, ඉද්දපොළ, පූලාවල, කිනාතුමුල්ල, විමලවීර දිසානායක, නිල්බඩ, ටැම්පිටිය, හරස්ගල, කැප්පෙටිපොළ, සුදර්මජෝති, බොරපොළ, වරාපිටිය, නුවරගල තැන්න, බෝගමුයාය, මහින්ද රාජපක්ෂ යන විදුහල්වලින් තෝරාගත් දරිද්‍රතාවයෙන් පෙළෙන ළමුන් සඳහා පොත්පත් හා එම දරුවන්ගේ දරිද්‍රතාවයෙන් පෙළෙන දෙමාපියන් 75ක් සඳහා අංගසම්පූර්ණ වියළි සලාක පාර්සල් බෙදා දීමක් ද මහඔය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කරනු ලැබුණි.

මෙම අවස්ථාවට දෙහිවල සහ රත්මලාන සංවර්ධන පදනම හා ලලිත් ඇතුළත්මුදලි සමරු පදනම් කේන්ද්‍රයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කේසරලාල් ගුණසේකර යන මහතූන් ඇතුළු පදනම් සාමාජික සාමාජිකාවන් සහ මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. පී. සී. ටී. නිශ්ශංක, මහඔය ප්‍රාදේශීය ලේකම් තිළිණ වික්‍රමරත්න, කැප්පෙටිපොළ ද්විතීයික පාසලේ විදුහල්පති ඩී. එම්. එස්. බණ්ඩාර යන මහතුන් ඇතුළු පාසල් 21ක විදුහල්පතිවරු ආචාර්ය මණ්ඩලය, දෙමාපියෝ, ළමයි සහභාගී වී සිටියහ.

දෙහිවල – ඩී. පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT