Sunday, May 11, 2025
Home » මහේල – අවිශ්ක සුලෝහිත සංග්‍රාමයට දැවැන්ත ආදර්ශයක් දෙති

මහේල – අවිශ්ක සුලෝහිත සංග්‍රාමයට දැවැන්ත ආදර්ශයක් දෙති

by sachintha
February 28, 2024 1:00 am 0 comment

සුලෝහිත සංග්‍රාම ඉතිහාසයට අලුත් අත්දැකීමක් ලබා දෙමින් නාලන්දාවේ මහේල ජයවර්ධන ආනන්ද ක්‍රිකට් පිලේ පුහුණුකරු බවට පත්වී පුහුණු සැසියක් පවත්වයි. එමෙන්ම ආනන්ද විදුහලේ අවිශ්ක ගුණවර්ධන නාලන්දා පිලේ තාවකාලික පුහුණුකරුවකු බවට පත්වී එම ක්‍රීඩකයන්ට ඊයේ පුහුණුවක් ලබා දුන්නේය.

ලබන මාර්තු 2සහ 3 දෙදින තුළ කොළඹ එස්එස්සී පිටියේදී පැවැත්වීමට නියමිත 94 වැනි සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් මේ දිනවල ආනන්ද සහ නාලන්දා ක්‍රිකට් ක්‍රීඩකයෝ පුහුණුවීම්වල නිරත වී සිටිති.

එම පුහුණු සැසි අතරතුර මහේල හා අවිශ්ක තම විදුහල් දෙකේ සහෝදරත්වය නංවාලීමේ අරමුණින් විශේෂ පුහුණු සැසි කිහිපයකට සහභාගි වූහ. එමඟින් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දැනුම මෙන්ම මානසික තත්ත්වය උසස් තත්ත්වයකට පත්වූ බව ‘සුලෝහිත සංග්‍රාම’ ක්‍රිකට් සංවිධායකයෝ පවසති.

ආදි නාලන්දියෙකු වන මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයට පත් වූ අතර, දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශේෂඥ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියි. ආදි ආනන්දියකු වන අවිශ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ අතර, දැනට ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු වේ. මේ දෙදෙනාම සුලෝහිත සංග්‍රාමයේදී ආනන්ද – නාලන්දා කණ්ඩායම් වෙනුවෙන් දක්ෂතා දැක්වූ ප්‍රමුඛතම ක්‍රීඩකයෝ වූහ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT