දීර්ඝතම ඉතිහාසයක් සහිත රාජකීය – සාන්ත තෝමස් නිල් මහා සටන මහා ක්‍රිකට් සංග්‍රාමයේ 145 වැනි කඩඉම එළැඹෙන 7, 8 සහ 9 දිනවලදී කොළඹ එස්එස්සී ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි. 19 වැනි වතාවටත් නිල් මහා සටනට අනුග්‍රාහකත්වය පිරිනමන්නේ ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගමයි.
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන 145 වැනි නිල් මහා සටන ඩයලොග් ටී.වී. වෙතින් සජීවීව විකාශනය කිරීමට නියමිතය.
දෙවිදුහල් අතර අවසන් වූ මහා ක්‍රිකට් තරගයන්ගෙන් තරග 36ක් රාජකීය විද්‍යාලය ජයගෙන ඇති අතර සාන්ත තෝමන් විද්‍යාලයට ජය ගැනීමට හැකි වී ඇත්තේ තරග 35කි. ඩයලොග් ආසියාට සමාගම මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම උදෙසා ‘Play for a Cause’ උදාර සංකල්පය නිල් මහා සටනින් ආරම්භ කර ඇත.
දවා ගන්නා සෑම කඩුල්ලක් වෙනුවෙන්ම රුපියල් 10,000ක මුදලක් හා ක්‍රීඩකයෙක් ලබා ගන්නා සෑම ලකුණක් වෙනුවෙන්ම රුපියල් 1000ක මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇත.
රාජකීය – තෝමස් වර්ණලාභීන්ගේ
වාර්ෂික රාත්‍රි හමුව
රාජකීය – සාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයට සමගාමීව කීර්තිමත් විද්‍යාල දෙකේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුහද හමුවක් මාර්තු 6 වැනිදා හැව්ලොක් සිටි ක්ලබ් හවුස් ශාලාවේදී පැවැත්වේ. මේ පිළිබඳ විමසීම් සුරාජ් දන්දෙණිය 0777370387 හා අජිත පැස්කුවල් 0777364635 යන මහත්වරු ඇමතීමෙන් ලබාගත හැක.
ගීෂා මුණසිංහ