Thursday, May 15, 2025
Home » සමාජ මාධ්‍යයේ බල­පෑ­මෙන් ලන්ඩ­නයේ පදිංචි සිසුවා ගොඩ­නැ­ඟි­ල්ල­කින් බිමට පැන දිවි කෙළ­වර කර ගනී
අම්මේ... තාත්තේ... මම ඕගො­ල්ලන්ට ගොඩාක් ආද­රෙයි

සමාජ මාධ්‍යයේ බල­පෑ­මෙන් ලන්ඩ­නයේ පදිංචි සිසුවා ගොඩ­නැ­ඟි­ල්ල­කින් බිමට පැන දිවි කෙළ­වර කර ගනී

සිද්ධිය පිටුපස නයිජීරියානුවෙක් - මෙට්‍රො­පො­ලි­ටන් පොලි­සිය කියයි

by Gayan Abeykoon
February 29, 2024 1:11 am 0 comment

ෆවුස් මොහො­මඩ්

ආර්ථික විද්‍යා­ඥ­යකු වීමේ සිහි­නය සැබෑ කර ගැනී­මට එංග­ල­න්තයේ කේම්බ්‍රිජ් විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වී සිටි අල්විස් පවුලේ සුර­තලා වූ 16 හැවි­රිදි ඩිනාල් ද අල්විස් 2022 වසරේ ඔක්තෝ­බර් මාසයේ එක්තරා දිනෙක රාත්‍රියේ කාටත් හොර රහසේ නිවෙ­සින් බැහැ­රව ගොස් සිය මපි­යන්ට කෙටි පණි­වු­ඩ­යක් එව්වේය. ඩිනාල්ගේ සොහො­යු­රන් දෙදෙ­නාට ද ඔහු­ගෙන් එවැනි කෙටි පණි­වුඩ ලැබිණි. ‘මම ඕගො­ල්ලන්ට ගොඩාක් ආද­රෙයි. අම්ම­වයි තාත්තා­වයි හොඳින් බලා­ගන්න.’ 

එදින රාත්‍රියේ නිවෙ­සින් බැහැ­රව ගිය ඩිනාල් නැවත නොපැ­මිණි අතර, ලන්ඩන් නුවර වොලිං­ටන් හි සට්න් ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි කෞෂල්‍ය ද අල්විස් කෙටි පණි­වි­ඩය ලද මොහො­තේදි ම සිය පුත්‍ර­යාගේ ‘ස්නැප් චැට්’ සමාජ මාධ්‍ය ජාලා ගිණු­මට පිවිස සොයා බලද්දී ඔහු දිවි නසා­ගැ­නී­මට උත්සාහ කරන බව හැඟ­වෙන වීඩියෝ පට­යක් දැක ගැනී­මට ලැබිණි. ඩිනාල්ගේ අතු­රු­ද­න්වීම සහ ඔහු දිවි හානි කර ගැනීමේ උත්සා­හ­යක නිරත වන බව ඔහු එවෙ­ලේම පොලි­සි­යට දැනුම් දුන්නේය.

පොලි­සිය ඔහු සොයා මොහො­ත­කින් පරී­ක්ෂණ ආරම්භ කළ අතර, ඊට මොහො­ත­කට පසු සට්න් ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු පොලි­සි­යට දුර­ක­තන ඇම­තු­මක් දුන්නේය. සිය රාත්‍රි රාජ­කාරි අව­සන් කර ආපසු නිවෙස බලා යමින් සිටි එම පුද්ග­ලයා පොලි­සි­යට කියා සිටියේ එක්තරා ගොඩ­නැ­ඟි­ල්ලක් අසල තරු­ණ­යකු බිම වැටී සිටින බවය. වහා එම ස්ථාන­යට ගිය පොලිස් නිල­ධා­රින් ගිලන් රථ­යක් කැඳවා ඔහුගේ සිරුර රෝහල කරා ගෙන ගියේය. සීසී­ටීවී දර්ශන පරීක්ෂා කිරී­මේදී තරු­ණයා ගොඩ­නැ­ඟි­ල්ලට ඇතු­ළු­වන ආකා­රය සහ ඉහළ සිට පහ­ළට පනින ආකා­රය පොලි­සි­යට දැක­ගත හැකි විය. හිස් කබ­ලට සහ මොළ­යට සිදු වූ බර­ප­තළ හානිය ඒ වන­වි­ටත් තරු­ණ­යාගේ ප්‍රාණය නිරුද්ධ කර තිබිණි. ඩිනාල් ද අල්විස් ගොඩ­නැ­ඟිල්ලේ ඉහළ සිට බිමට පැන අවා­ස­නා­වන්ත ලෙස සිය දිවි හානි කර­ගෙන තිබුණේ එසේය.

ලන්ඩන් සාමාන්‍ය පෙළ විභා­ග­යෙන් සියලු විෂ­ය­යන් සඳහා විශිෂ්ඨ සමාර්ථ ලැබූ මේ දීප්ති­මත් සිසු­වාට දිවි හානි කර ගැනී­මට තරම් හේතු­වක් නොති­බිණි. ඉංග්‍රීසි විෂ­යට ඔහු උපන් හප­නකු විය. අධ්‍යා­ප­න­යට මෙන්ම ක්‍රීඩා­වට ද ඔහු අති දක්ෂ­යෙකි.

‘ඩිනාල් අපි ගොඩාක්ම ආද­රය කළ පුතා.’ කෞෂල්‍ය එසේ කීවේ හැඬූ කඳු­ළින් යුතු­වය. ඔහුගේ මර­ණය අල්විස් පවු­ලට ගෙන දුන්නේ දැඩි වේද­නා­වකි. එයා පාසලේ අධ්‍යා­ප­න­යෙන් වගේම ක්‍රීඩා­වෙ­නුත් කැපී පෙනුණු දරු­වෙක්. ආර්ථික විද්‍යා­ව­ටයි, ඉංග්‍රීසි භාෂා­ව­ටයි පන්තියේ වැඩිම ලකුණු ගත්තේ එයා. අපි ලංකාවේ ඉඳලා මෙහේ ආවේ දරු­වන්ගේ අනා­ග­තය ගැන හිත­ලයි. පුතා පාසලේ පාපන්දු කණ්ඩා­යමේ වගේම රග්බි කණ්ඩා­ය­මෙත් ක්‍රීඩා කළා. කව­දා­වත් කිසිම දෙයක් ඉල්ලලා වද දුන්නේ නෑ. නිත­රම හරි සතු­ටින් හිටියේ. කෞෂල්‍ය ද අල්විස් සිය ආද­ර­ණීය පුත්‍රයා ගැන මත­කය අවදි කළේ කඳුළු අත­රිනි. ‘පුතාගේ මර­ණය අපිට ලොකු වේද­නා­වක්. ඒක හිතා­ගන්න බැරි මර­ණ­යක්. අපි එයාට ආද­රේට කිවුවේ ගෝල්ඩන් බෝයි කිය­ලයි. මේ විදි­හට එයා දිවි හානි කර­ග­නියි කියලා අපි කව­දා­වත් හිතුවේ නෑ.’

පොලිස් පරී­ක්ෂණ ආරම්භ වූ අතර ඩිනාල්ගේ මර­ණයේ සැබෑ පුවත් අනා­ව­ර­ණය වූයේ පසු­ගි­ය­දාය.

ඩිනාල් එවැනි අවා­ස­නා­වන්ත ඉර­ණ­ම­කට ගොදුරු වී ඇත්තේ එක්තරා මිනි­සකු කප්පම් මුදල් ඉල්ලා කරනු ලැබූ තර්ජ­න­යක් හේතු­වෙන් බව මෙට්‍රො­පො­ලි­ටන් පොලිස් විම­ර්ශ­ක­යන් සොයා ගෙන තිබේ. එය සිදු වී ඇත්තේ ඔහුගේ ස්නැප් චැට් සමාජ මාධ්‍ය ජාලා ගිණුම ඔස්සේය. නයි­ජී­රි­යානු ජාති­ක­යකු බව පොලි­සිය සැක කරනු ලබන මිනිසා ඩිනාල්ගේ ගිණුම තුළින් නිරු­වත් ඡායා­රූප දෙකක් සොරා ගෙන තිබේ. ඩිනාල්ගේ පියා සඳ­හන් කර ඇත්තේ එම ඡායා­රූප ඩිනාල්ගේ මිතු­රි­යක ගත් ඒවා විය හැකි බවය.

‘ඩිනාල්ට මිතු­රි­යන් කිහි­ප­දෙ­නෙක් හිටියා. එයා හරි විවෘ­තයි’ කෞෂල්‍ය පොලි­සි­යට එසේ ප්‍රකාශ කර තිබිණි. එහෙත් කිසි­වකු නොදැ­කිය යුතු එම ඡායා­රූප අව­සා­නයේ වැරදි අත­කට පත් වී තිබේ.

‘මට පවුම් 100ක් එවන්න. නැති­නම් මේ ෆොටෝ මම ඔයාගේ ස්නැප් චැට් යාළුවෝ හැමෝ­ටම යව­නවා’ තර්ජ­නය එය විය.

‘ඒ පින්තුර හැමෝම දකීවි කියලා එයා බය වෙන්න ඇති. අනේ එයා ඊට කලින් අපිට කතා කරලා මේ විස්තර කිවුවා නම්… කෞෂල්‍ය පසු­තැ­වි­ල්ලෙන් යුතුව එසේ කීවේය.

ඩිනාල් බිය ගන්වා කප්පම් මුදල් ඉල්ලා සිටි පුද්ග­ලයා ඒ සඳහා වීපී­එන් තාක්ෂ­ණය භාවිත කර ඇති බැවින් ඔහු සිටින ඉසව්ව නිශ්චි­තව සොයා ගත නොහැකි බව පොලි­සිය සඳ­හන් කර තිබේ. ඔහු නයි­ජී­රි­යාවේ සිට ඩිනාල් සමඟ සම්බන්ධ වන්නට ඇතැයි පොලි­සිය අනු­මාන කළේය.

‘ඩිනාල් පුතා හැම සමාජ මාධ්‍ය ජාල­යේම ඉන්නවා. එයා නිත­රම ඒවා පාවිච්චි කර­නවා. අපි එයාට අව­වාද කර­ලත් තිබුණේ. තරුණ අය සමාජ මාධ්‍ය ජාලයේ ඇති අන­තු­රු­දා­යක බව අව­ත­ක්සේ­රු­වට ලක් කර­නවා. ඒත් ඇත්ත­ටම ඒවායේ හරි භයා­නක දේවල් සිද්ධ වෙනවා. මවු­පි­යන් හැටි­යට අපි මීට වඩා දරු­වන් ගැන සැල­කි­ලි­මත් වෙන්න ඕනෑ. මගේ පුතාට සිදු වුණු දේ වෙන කාට­වත් වෙන්න එපා’ කෞෂල්‍ය ද අල්විස් එසේ කියා සිටි­යේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT