ප්‍රංශ සිනමාවේ හිටපු සුපිරි නළුවකු වන ඇලේන් ඩෙලෝන්ගේ නිවෙසින් තුවක්කු 72ක් සහ ජීව උණ්ඩ 3000කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව එරට පොලිසිය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. පැරිස් නුවර සිට කිලෝමීටර් 135ක් දුරින් පිහිටි මොන්ට්කෝබොන් පළාතේ ඩෙලෝන්ගේ නිවෙසට යාබදව ඉදිකර තිබූ වෙඩි තැබීම් පුහුණුවීමේ ස්ථානයක් ද සොයාගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. 88 හැවිරිදි මේ සිනමා නළුවාට තුවක්කුවක් භාවිත කිරීමට හෝ ළඟ තබා ගැනීමට කිසිඳු අවසරපත්‍රයක් නැති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ප්‍රංශ සිනමාවේ ස්වර්ණමය යුගයේදී අතිශය ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටි ඩෙලොන්ගේ නිවෙස සෝදිසි කිරීමට අධිකරණ නියෝග ලැබී තිබූ අතර, ඔහුට විරුද්ධව නඩු පවරනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.