Home » ඔස්ට්‍රේ­ලි­යාවේ ළැව් ගිනි පැති­රෙයි

ඔස්ට්‍රේ­ලි­යාවේ ළැව් ගිනි පැති­රෙයි

by Gayan Abeykoon
February 29, 2024 1:11 am 0 comment

ඔස්ට්‍රේ­ලි­යාවේ  වික්ටෝ­රියා සහ දකුණු ඔස්ට්‍රේ­ලියා ප්‍රාන්ත­වල මෑත ඉති­හා­සයේ දරු­ණු­තම ළැව්  ගිනි පැති­රීමේ අව­දා­න­ම­කට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  උෂ්ණා­ධික දේශ­ගු­ණ­යත් සමඟ පැතිරී යන ළැව් ගිනි හේතු­වෙන් දහස් සංඛ්‍යාත ජන­තාව  ඉවත් කිරී­මට ද බල­ධාරීන් පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා  කළේය. වික්ටෝ­රියා ප්‍රාන්තයේ තිස්ද­හ­ස­කට අධික පිරි­ස­කට සිය නිවා­ස­ව­ලින්  ඉව­ත්වන ලෙස බල­ධා­රීන් නියෝග කර ඇති අතර, උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 40ට වැඩි  අග­යක් ගැනීම සහ අධික සුළං සහිත තත්ත්වය හේතු­වෙන් ළැව් ගිනි පාල­නය කිරීම  දුෂ්කර වී ඇතැ­යි ද වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT