Thursday, May 15, 2025
Home » වැලි­පැ­න්නේදී අයකු කපා-කොටා මරා දාලා

වැලි­පැ­න්නේදී අයකු කපා-කොටා මරා දාලා

by Gayan Abeykoon
February 29, 2024 1:00 am 0 comment

පොතු­පි­ටිය සුමිත් ප්රේම­ති­ලක

වැලි­පැන්න පොලිස් වසමේ හොර­වල ප්‍රදේ­ශ­යේදී ඊයේ (28) රාත්‍රියේ තියුණු ආයු­ධ­ව­ලින් කපා කොටා පුද්ග­ල­යකු ඝාත­නය කර තිබේ. මෙසේ ඝාත­න­යට ලක්ව ඇත්තේ වැලි­පැන්න, හොර­වල ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි මල්ලව ආර­ච්චිගේ තරිඳු ධනං­ජය නමැති 32 හැවි­රිදි අයකු බව පොලි­සිය පැව­සීය.ප්‍රදේ­ශයේ කොට­හළු උත්ස­ව­ය­කදී පැවතී පැරණි කෝන්ත­ර­යක් සම්බ­න්ධ­යෙන් ඇති වූ කතා­බ­හක් දුර­දිග යෑමෙන් පහ­ර­දීම සිදුව ඇති බවට මෙතෙක් කළ පරී­ක්ෂ­ණ­ව­ලදී තහ­වුරු ඇතැයි පොලි­සිය සඳ­හන් කරයි. ඝාත­නය සිදු කළ බවට සැක­ක­රන පුද්ග­ලයා හඳු­නා­ගෙන ඇති බවත්, ප්‍රදේ­ශය හැර­ගොස් සිටින සැක­කරු කඩි­න­මින් අත්අ­ඩං­ගු­වට ගැනී­මට පිය­වර ගන්නා බවත් පොලි­සිය සද­හන් කරයි. වැලි­පැන්න ස්ථානා­ධි­පති (ප්‍ර.පො.ප) චාමින්ද ද සිල්වා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අප­රාධ අංශ නිල­ධා­රීහු පරී­ක්ෂණ පව­ත්වති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT