Sunday, May 11, 2025
Home » කුඩු සළි­ඳුගේ කනේ ලෙඩේට සුදුසු පිය­වර ගන්න සීඅ­යිඩීයට නියෝග

කුඩු සළි­ඳුගේ කනේ ලෙඩේට සුදුසු පිය­වර ගන්න සීඅ­යිඩීයට නියෝග

by Gayan Abeykoon
February 29, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

විදේ­ශ­ග­තව සිටි­මින් මෙරට ජාතික ආර­ක්ෂා­වට සහ මහ­ජන සාම­යට අව­හිර වන ලෙස කට­යුතු කළ බවට අත්අ­ඩං­ගු­වට ගෙන රැඳ­වුම් නියෝග මත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාරයේ රඳවා සිටින පාතා­ලයේ ප්‍රබ­ල­යකු වන සෙල්ල­ප්පෙ­රු­මගේ සළිඳු ගුණ­රත්න නොහොත් කුඩු සළි­ඳුට පව­තින කන ආශ්‍රිත රෝගය සම්බ­න්ධ­යෙන් අවශ්‍ය පිය­වර ගෙන මාර්තු මස 6 වනදා අධි­ක­ර­ණ­යට කරුණු දක්වන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රයා වෙත කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28) නියෝග කළේය.

සැක­කරු උගුර, කන, නාසය පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වෙත යොමු කර වෛද්‍ය ප්‍රති­කාර ලබා දෙන්නැයි ඔහු වෙනු­වෙන් මෝස­මක් මඟින් අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් නීතිඥ ඉවෝන් නිරාෂා මහ­ත්මිය ඊයේ (28) සිදු කළ දැනුම් දීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ව­රයා මේ නියෝ­ගය සිදු කළේය.

තමාට එවැනි නියෝ­ග­යක් නිකුත් කිරී­මට නොහැකි බව එහිදී කියා සිටි මහේ­ස්ත්‍රා­ත්ව­රයා සැක­ක­රුගේ යහ­පත් පැවැත්ම සඳහා පම­ණක් නියෝග නිකුත් කිරී­මට හැකි බවත් ඒ සම්බ­න්ධ­යෙන් තීර­ණ­යක් ගත යුතු වන්නේ ඔහු පරීක්ෂා කරන වෛද්‍ය­ව­රයා බවත් කියා සිටි­යේය.

සළිඳු මල්ෂිත අස­නීප තත්ත්ව­යෙන් පසු­වන බවත් ඔහු සාමාන්‍ය වෛද්‍ය­ව­ර­යකු පරීක්ෂා කළ අව­ස්ථා­වේදී දින 5කට ලබා දී ඇති ඖෂධ මේ වන­විට අව­සන්ව ඇති බවත් නීති­ඥ­ව­රිය කීවාය.

“විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වෙත යොමු කරන ලෙස නියෝග නිකුත් කරන්න බැහැ. අධි­ක­ර­ණ‍ෙය් කාර්ය­භා­රය වී ඇත්තේ රැඳ­වුම් භාරයේ සිටින සැක­ක­රුගේ යහ­පැ­වැත්ම සහ­තික කිරීම පම­ණයි“ යැයිද මහේ­ස්ත්‍රා­ත්ව­රයා කියා සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT