ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගත් බව කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනී තිළිණි ප්‍රියමාලීගේ පෙම්වතා බව කියන ඇප මත මුදා හැර ඇති ඉසුරු බණ්ඩාර යන අයට ව්‍යාපාරික කටයුත්තක් සඳහා විදේශගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28) අවසර ලබා දුන්නේය.
විදේශගත වීමට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් අනුව ලබන ජුනි මස 12 දක්වා විදේශගත වීමට අවසර ලැබිණි. සැකකටයුතු ලේඛන කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමට අවසර ලැබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර තිළිණි ප්‍රියමාලී, ඇයගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර, හර්ෂණ පෙරේරා ඇතුළු සැකකරුවන් විවෘත අධිකරණයේ පෙනී සිටියහ.
නඩුව නීතිපති උපදෙස් සඳහා කල් තැබුණි.