Home » තරු­ණ­යකු දුම්රියේ ගැටී මර­ණ­යට පත්වී­මත් සමඟ මුන්ද­ලම පුලි­ච්චා­කු­ලම යුද පිටි­යක් වෙයි

තරු­ණ­යකු දුම්රියේ ගැටී මර­ණ­යට පත්වී­මත් සමඟ මුන්ද­ලම පුලි­ච්චා­කු­ලම යුද පිටි­යක් වෙයි

by Gayan Abeykoon
February 29, 2024 1:07 am 0 comment

පුත්ත­ලම අති­රේක හිරාන් ප්රියං­කර ජය­සිංහ

මුන්ද­ලම පුලි­ච්චා­කු­ලම දුම්රිය හරස් මාර්ග­යෙදී යතුරු පැදි­යක ගමන් ගනි­මින් සිටි තරු­ණ­යකු දුම්රියේ ගැටී­මේන් මර­ණ­යට පත් වීමේ සිද්ධිය මුල් කර ගනි­මින් ඇතිවූ සිද්ධි­යෙන් පසු 500කට අධික පිරි­සක් දුම්රිය ගමන් නව­තා­ල­මින් පැවැති විරෝ­ධය හේතු­වෙන් ඊයේ (28) දින සවස දුම්රිය ගමන පැය­කට ආසන්න කාල­යක් නැවැතී ගිය බව මුන්ද­ලම පොලි­සිය කියයි.

මෙම පුලි­ච්චා­කු­ලම අනා­ර­ක්ෂිත දුම්රිය හරස් මාර්ග­යේදී යතුරු පැදිය අනා­ර­ක්ෂිත අයු­රින් ධාව­නය කර­මින් සිටි එම ප්‍රදේ­ශ­යේම තරු­ණ­යකු වන අස්වර් මොහො­මඩ් අස්ලාන් නමැති 19 හැවි­රිදි තරු­ණ­යකු එම ස්ථාන­යේ­දීම මර­ණ­යට පත්වූ බව මුන්ද­ලම පොලි­සිය කියයි.

කොළඹ කොටුවේ සිට දහ­වල් 11.55 ට පුත්ත­ලම බලා එමින් සිටි අංක 8417 දරන දුම්රියේ සවස 3.30ට පමන පුලි­ච්චා­කු­ලම අනා­ර­ක්ෂිත දුම්රිය හරස් මාර්ග­යේදී යතුරු පැදි­යෙන් පුලි­ච්චා­කු­ලම නග­ර­යට පැමි­ණෙ­මින් සිටි තරු­ණ­යකු ගැටි තිබූ අතර අන­තු­රින් තරු­ණයා මීටර් 100කට අධික දුරක්

මියගිය තරුණයා

මියගිය තරුණයා

ඇදි ගොස් එම ස්ථාන­යේ­දීම මර­ණ­යට පත්ව තිබූ බව පොලි­සිය කියයි.

පුලි­ච්චා­කු­ලම අනා­ර­ක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ තරු­ණයා බිලි වූ මෙම දුම්රි­ය­ටම පසු­ගිය 19 දින ආර­ච්චි­ක­ට්ටුව මයි­යාව දුම්රිය හරස් මාර්ග­යෙදී මවක් හා දරු දෙදෙනා ගැටී එම ස්ථාන­යේ­දීම මර­ණ­යට පත්ව තිබුණි.

අන­තු­රින් පසු අදාළ දුම්රිය නැවත පුත්ත­ලම බලා ගමන් කර තිබූ අතර පුත්ත­ලමේ සිට කාර්යාල සේව­ක­යන් රැගෙන කොළඹ බලා ගමන් ගනි­මින් සිටිය දී තරු­ණයා අන­තු­රට ලක්වූ ස්ථාන­යේ­දීම දුම්රිය මාර්ගය හරස් කර­මින් මෙසේ 500කට ආසන්න පිරි­සක් දුම්රිය මාර්ගය වසා විරෝ­ධ­තා­වක නිරත වීමත් සමඟ දුම්රිය නවතා දැමී­මට රිය­දුරු කට­යුතු කර තිබුණි.

මෙම විරෝ­ධ­තාව පැය­කට ආසන්න කාල­යක් පැවැ­ති­මත් සමඟ එම ස්ථාන­යට ඒ වන විටත්  පැමිණ සිටි මුන්ද­ලම පොලි­ස්ථා­නා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක අසිත ලක්රු­වන් මහතා හා නිල­ධා­රීන් පිරිස විරෝ­ධ­තා­ක­රු­වන් සමඟ සාක­ච්ජා­වක නිරත වෙමින් දුම්රිය මාර්ගය නිද­හස් කර ගැනී­මට උත්සහ ගෙන තිබු­ණත් ඒ සඳහා විරෝ­ධ­තා­ක­රු­වන් එම ස්ථාන­යෙන් ඉවත් කිරී­මට නොහැකි වී තිබුණි. පසුව මෙම තත්ත්වය දුම්රිය දෙපා­ර්තු­මේ­න්තුවේ ඉහළ නිල­ධා­රීන් දුර­ක­ථ­න­යෙන් සම්බන්ධ කර ගත් මුන්ද­ලම පොලි­ස්ථා­නා­ධි­ප­ති­ව­රයා දුම්රිය බල­ධා­රීන් ලබා දුන් පොරෝ­න්දුව වූ මේ වන විට අක්‍රි­යව ඇති දුර­ක­ථන සංඥා යථා තත්ත්ව­යට පත් කරන තුරු ආර­ක්ෂිත උණ බම්බු ගෙට්ටු සමඟ මුර­ක­රු­වන් යොද­වන තොර­තුර දැන්වීය.

පොලි­ස්ථා­නා­ධි­ප­ති­ව­රයා ලබා දුන් පොරෝ­න්දුව මත විරෝ­ධ­තා­ක­රු­වන් එම ස්ථාන­යෙන් ඉවත්ව යාම සිදු ­විණි.

ඉන් පසුව විරෝ­ධ­තා­ක­රු­වන් විසින් මඟ අහු­ර­මින් නවතා තිබු අංක 8417 දුම්රිය කොළඹ බලා ගමන් ආරම්භ කරනු ලැබීය.

අන­තු­රින් මර­ණ­යට පත්වූ තරු­ණ­යාගේ සිරුර මුන්ද­ලම රෝහ­ලට රැගෙන යාමෙන් පසු පශ්චාත් මරණ පරි­ක්ෂ­ණ­යට පුත්ත­ලම මූලික රෝහල වෙත රැගෙන යෑමට කට­යුතු කර තිබිණි.

දුම්රියේ ගැටුණු යතුරුපැදිය

දුම්රියේ ගැටුණු යතුරුපැදිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT