Home » පරාටේ බල­තල අත්හි­ටු­වී­මෙන් බැංකු පද්ධ­ති­යට වන හානිය සොයා බල­නවා

පරාටේ බල­තල අත්හි­ටු­වී­මෙන් බැංකු පද්ධ­ති­යට වන හානිය සොයා බල­නවා

රාජ්‍ය ඇමැති රංජිත් සිය­ඹ­ලා­පි­ටිය

by Gayan Abeykoon
February 29, 2024 1:08 am 0 comment

ජය­සිරි මුණ­සිංහ

පරාටේ බල­තල ක්‍රියා­ත්මක කිරීම අත්හි­ටු­වී­මට ගත් තීර­ණය නිසා බැංකු පද්ධ­ති­යට සිදු වන හානිය පිළි­බ­ඳව මහ බැංකු­වෙන් නිරී­ක්ෂ­ණය කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සුවේ ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය ලැබූ පරාටේ නීතිය ක්‍රියා­ත්මක කිරීම තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට ගෙන ඇති යෝජ­නාව සමඟ බැංකු පද්ධ­ති­යට සිදු වන බල­පෑම කෙසේ­දැයි ‘දින­මිණ’ කළ විම­සු­ම­කට පිළි­තුරු දෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ රාජ්‍ය ඇමැ­ති­ව­රයා මෙසේ ද පැව­සීය.

“මේ වසරේ දෙසැ­ම්බර් මස 15 වැනිදා දක්වා පරාටේ බල­තල ක්‍රියා­ත්මක කිරීම අත්හි­ටු­වී­මට කැබි­නට් අනු­මැ­තිය හිමිව තිබෙ­නවා. එහෙත් ගනු­දෙ­නු­කාර පාර්ශ්ව­යට එරෙ­හිව අධි­ක­ර­ණ­මය ක්‍රියා­මාර්ග ගැනීම සඳහා බැංකු­ව­ලට ඇති අයි­ති­යට මෙම­ඟින් බල­පෑ­මක් නෑ. ආර්ථික අර්බු­දය හේතු­වෙන් වඩාත්ම පීඩා­වට පත් ක්ෂේත්‍රය වන සුළු සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සාය නඟා­සි­ටු­වී­මට මේ පිය­වර ගෙන තිබෙ­නවා.

කෙසේ වෙතත් මෙම­ඟින් බැංකු පද්ධ­ති­යට සිදු වන හානිය පිළි­බ­ඳව මහ බැංකු­වෙන් නිරී­ක්ෂ­ණය කර­නවා. පරාටේ නීතිය ක්‍රියා­ත්මක වෙන්නේ රුපි­යල් මිලි­යන 5කට වැඩි ණය සඳ­හායි. ඒ වෙනු­වෙන් ඇප ලෙස තබා ඇති දේපොළ අධි­ක­ර­ණ­මය ක්‍රියා­මා­ර්ග­ව­ලින් තොරව අත්පත් කර­ගැ­නීමේ හැකි­යාව මෙම­ඟින් බැංකු­ව­ලට හිමිව තිබෙ­නවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT