Home » හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝ­ත්ස­වය අප්‍රේල් 15 දා වත්තල පුරාණ රාජ­මහා විහා­ර­යේදී

හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝ­ත්ස­වය අප්‍රේල් 15 දා වත්තල පුරාණ රාජ­මහා විහා­ර­යේදී

by Gayan Abeykoon
February 29, 2024 1:00 am 0 comment

සන්ධ්යා කරු­ණා­රත්න

පුරාණ චාරි­ත්‍රා­නු­කූ­ලව සිංහල සහ දමිළ අලුත් අවු­රු­ද්දට යෙදී තිබෙන හිස­තෙල් ගැල්වීමේ නැකැත් චාරි­ත්‍රය ඉටු කරන හිස­තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝ­ත්ස­වය අප්‍රේල් මස 15 වැනි දින පූර්ව­භාග 10.17ට ගම්පහ දිස්ත්‍රි­ක්කයේ හැදල, වත්තල පුරාණ රාජ­මහා විහා­ර­යේදී පූර්ණ රාජ්‍ය අනු­ග්‍රා­හ­ක­ත්ව­යෙන් පැවැ­ත්වෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති, නීතිඥ සිසිර ජය­කොඩි මහතා පැවැ­සීය.

ඒ සඳහා විහා­රා­ධි­පති, ශාස්ත්‍ර­පති හිග්ගොඩ චන්දිම හිමි­පා­ණන් වෙත දැහැත් පිළි­ග­න්ව­මින් සාම්ප්‍ර­දා­යික චාරි­ත්‍රා­නු­කූල ආරා­ධ­නාව සිදු කිරීම රාජ්‍ය ඇමැ­ති­ව­රයා විසින් පෙරේදා (27) සිදු කෙරිණි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමා­ත්‍යාං­ශය සහ ආයු­ර්වේද දෙපා­ර්ත­මේ­න්තුවේ සංවි­ධා­ය­ක­ත්ව­යෙන් විහා­රයේ දායක සභාව, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලය, වත්තල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය, නගර සභාව, මාධ්‍ය ආය­තන, ආර­ක්ෂක අංශ, ජල සම්පා­දන හා විදුලි බල මණ්ඩ­ලය ඇතුළු සියලු ආය­තන ඒක­රාශී කර ගනි­මින් මේ රාජ්‍ය මහෝ­ත්ස­වය සාර්ථ­කව සිදු කිරීම පිළි­බඳ එහිදී විශේෂ සාක­ච්ඡා­වක් පැවැ­ත්විණි.

එම අව­ස්ථා­වට දේශීය වෛද්‍ය රාජ්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් චන්දන තිල­ක­රත්න, ආයු­ර්වේද කොම­සා­රිස් ජන­රාල් ධම්මික අබේ­ගු­ණ­ව­ර්ධන, වත්තල ප්‍රාදේ­ශීය ලේකම් පී. ඩී. ටී. සී. රාජිකා, වත්තල මාබෝල නාග­රික ලේකම් පී. ඒ. එස්. එස්. සඳ­රු­වන් මහත්ම මහ­ත්මීහු සහ­භාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT