ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකිර්ණයේදී සිදු විය.
මෙහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව ආචාර්ය සිරි වෝල්ට් මහත්මියට කථානායකවරයා පැහැදිලි කිරීමක් ද සිදු කළේය. ශ්‍රී ලංකාවේ පවතින සංහිඳියාව පිළිබඳව ද මෙහිදී සාකච්ජා විය.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ යහපත් සංහිඳියාවක් ගොඩනැඟී ඇති බව පෙන්වා දුන් කථානායකවරයා එය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද පැවැසුවේය. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ද ප්‍රතිසංධානය සහ ජාතික සමඟිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවක් ද ස්ථාපිත කර ඇති බව පෙන්වා දුන්නේය.
මෙරට පැවැත්වීමට නියමිත ඉදිරි මැතිරවරණ සම්බන්ධයෙන් මෙහිදී ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය කථානායකවරයාගෙන් විමසීමක් කළාය. ඒ අනුව ජනාධිපතිවරණය නෛතිකවම දක්වා ඇති පරිදි නියමිත ආකාරයට පැවැත්වෙන බවත්, මහ මැතිවරණයද ලබන වසරේ අදාළ කාල සීමාවේ පැවැත්වෙනු ඇති බවත් කථානායකවරයා සඳහන් කළේය. පසුගිය කාලයේදී ආර්ථිකමය වශයෙන් අයහපත් වාතාවරණයක සිටි ශ්‍රී ලංකාවට එයින් මිදීමට දෙන සහාය පිළිබඳව සිය ස්තූතිය ප්‍රකාශ කළාය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා ද සහභාගී විය.