Sunday, May 11, 2025
Home » ගිරි­උල්ල මදීනා මුස්ලිම් විද්‍යා­ල­යට පත් කළ විදු­හ­ල්ප­තිට වැඩ භාර නොදී­මෙන් ගැට­ලු­කාරි තත්ත්ව­යක්

ගිරි­උල්ල මදීනා මුස්ලිම් විද්‍යා­ල­යට පත් කළ විදු­හ­ල්ප­තිට වැඩ භාර නොදී­මෙන් ගැට­ලු­කාරි තත්ත්ව­යක්

ලංකා විදු­හ­ල්පති සංග­මයේ ප්‍රධාන ලේකම් පිය­සිරි ප්‍රනාන්දු

by Gayan Abeykoon
February 29, 2024 1:00 am 0 comment

සන්ධ්යා කරු­ණා­රත්න

ගිරි­උල්ල මදීනා මුස්ලිම් මධ්‍ය මහා විද්‍යා­ලයේ විදු­හ­ල්පති තන­තු­රට පත් වූ ශ්‍රී ලංකා විදු­හ­ල්පති සේවයේ පළමු ශ්‍රේණියේ යූ. එම්. එම්. අමීර් මහ­තාට එම තන­තුරේ වැඩ භාර ගැනී­මට නොදී වැඩ ආව­ර­ණය සඳහා යෙදවූ නිල­ධා­රියා තන­තුරේ සිටී­මෙන් පාසලේ ගැට­ලු­කාරී තත්ත්ව­යක් උද්ගත කර ඇතැයි ලංකා විදු­හ­ල්පති සංග­මයේ ප්‍රධාන ලේකම් පිය­සිරි ප්‍රනාන්දු මහතා ‘දින­මිණ’ට පැවැ­සීය.

මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ප්‍රධාන ලේක­ම්ව­රයා මෙලෙස ද කීවේය.

“පාසලේ විදු­හ­ල්පති තන­තුර සඳහා පත් කළ යුත්තේ ශ්‍රී ලංකා විදු­හ­ල්පති සේවයේ පළමු ශ්‍රේණියේ සුදු­සු­ක­ම්ලත් නිල­ධා­රි­යෙක්. දැනට වැඩ ආව­ර­ණ­යට පත්කර ඇත්තේ පරි­පා­ලන සේවයේ නිල­ධා­රි­යෙක්. ඒ අනුව සුදු­සු­ක­ම්ලත් නිල­ධා­රි­යාට වැඩ භාර ගැනී­මට නොදී පාසලේ ඒකා­ධි­කා­ර­යක් ගොඩ­නැඟී තිබෙ­නවා. එය නීති­යට පට­හැ­නියි.

සම­න්තු­රෙයි කලාප කාර්යා­ලයේ පරි­පා­ලන සේවයේ නියුතු එස්. එම්. හයි­දර් අලී මහතා පසු­ගිය වසරේ මාර්තු මාසයේ වැඩ ආව­රණ විදු­හ­ල්පති තන­තු­රට පත්කර ඇත්තේ එම තන­තු­රට අදා­ළව සුදු­සු­ක­ම්ලත් විදු­හ­ල්ප­ති­ව­ර­යකු පත් කරන තෙක්.

ජාතික පාස­ල්ව­ලට විදු­හ­ල්ප­ති­ව­රුන් තෝරා පත් කර ගැනීම සඳහා 2023 සැප්තැ­ම්බර් මස 08, 09, 13, 15, 21 දින­වල පැවැත්වූ සම්මුඛ පරී­ක්ෂ­ණයේ ප්‍රති­ඵල අනුව කු/ මදීනා මුස්ලිම් මධ්‍ය මහා විද්‍යා­ලයේ විදු­හ­ල්පති තන­තු­රට රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ අධ්‍යා­පන සේවා කමි­ටු­වෙන් ශ්‍රී ලංකා විදු­හ­ල්පති සේවයේ එක ශ්‍රේණියේ යූ. එම්. එම්. අමීර් මහතා පත් කර ඇති බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් වසන්තා පෙරේරා මහ­ත්මි­යගේ අත්ස­නින් යුත් ලිපි­යක් යොමු­කර තිබි­ය­දීත් වැඩ ආව­ර­ණය සඳහා යෙද වූ විදු­හ­ල්ප­ති­ව­රයා තව­මත් තන­තුරේ රැඳී සිටීම ගැට­ලු­කාරී තත්ත්ව­යක්. නීති­යට අනුව පිය­වර ගනි­මින් මේ පාසලේ ඇති ගැට­ලුව ඉක්ම­නින් විස­ඳා­ගත යුතුයි. නො එසේ නම් පාසල් පද්ධ­ති­යට එය වැරදි ආද­ර්ශ­යක්.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT