120
සමඟි ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටු තුනක විධායක සාමාජික ධුරයට රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පත් කෙරේ. සමඟි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය සඳහා එම්. ජී. දේවිකා කොඩිතුවක්කු මහත්මියව පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ. ඇය රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ධුරය දරන අතර, දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ද කටයුතු කරමින් සිටියි.