Saturday, May 10, 2025
Home » පෞද්ග­ලික ආර­ක්‍ෂක සේවයේ යෙදී වැටුප් නොලැබූ විශ්‍රා­මික යුද සෙබළු පිරි­සක් සාධා­ර­ණ­යක් ඉල්ලති

පෞද්ග­ලික ආර­ක්‍ෂක සේවයේ යෙදී වැටුප් නොලැබූ විශ්‍රා­මික යුද සෙබළු පිරි­සක් සාධා­ර­ණ­යක් ඉල්ලති

by Gayan Abeykoon
February 29, 2024 1:00 am 0 comment

කුලි­යා­පි­ටිය - මෙවිරු ධනාන්

කලක් යුද හමුදා සේවයේ සිට විශ‍්‍රාම ගෙන සිටින පිරි­ස­කට, පෞද්ග­ලික ආර­ක්‍ෂක සේවයේ යොදවා වැටුප් ලබා නොදුන් බව කිය­මින් 20ක පමණ විශ‍්‍රා­මික හමුදා රණ­වි­රු­වන් පිරි­සක් පෙරේදා (27) කුලි­යා­පි­ටිය පොලි­සි­යට පැමි­ණිලි කර තිබේ. මාස කිහි­ප­යක්ම තමා ඇතුළු කණ්ඩා­ය­මක් වෙළෙඳ සංකීර්ණ ගොඩ­නැ­ඟි­ල්ලක ආර­ක්‍ෂක සේවයේ යොදවා මුදල් නොගෙවූ බව ඒ කණ්ඩා­යමේ කැඳ­වු­ම්කරු විශ‍්‍රා­මික හමුදා නිල­ධාරි ප‍්‍රදීප් නිශාන්ත මහතා පැව­සු­වේය.

තමා ඇතුළු කණ්ඩා­යම සම්මුඛ පරී­ක්ෂ­ණ­යක් පවත්වා අදාළ ආර­ක්ෂක සේව­යට බඳ­වා­ගත් බවත්, එහිදී ඒ වෙළෙඳ සංකී­ර්ණය සඳහා 45ක පමණ බළ­ඇ­ණි­යක් සේවයේ යෙදවූ බවත් ප්‍රදීප් නිශාන්ත මහතා කීය. එමෙන්ම කලක් ආර­ක්ෂක නිල­ධා­රීන් වශ­යෙන් සේවය කර­මින් සිටි­යදී විවිධ පුද්ග­ල­යන්ට බල­පෑම් කරන ලෙසත්, ඇතැම් අංක සහිත වාහ­න­ව­ලට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙසත් උප­දෙස් දුන් අතර, දුන් ඇතැම් උප­දෙස් නීත්‍ය­නු­කූල නොවන බව තමා සක්‍රිය හමුදා සේවයේ සිටි නිල­ධා­රි­යකු වශ­යෙන් දන්නා නිසා ඒවා ප‍්‍රති­ක්ෂේප කිරීම මත ආර­ක්ෂක අංශයේ හිමි­කා­රි­නිය හා කළ­ම­නා­කරු 30 වස­රක යුද්ධ­යට පවා දාය­ක­ත්වය දැක්වූ රණ­වි­රු­වන්ට ඉතා නොස­රුප් වච­න­යෙන් නිතර බැණ වැදුණු බවද ඔහු පැව­සීය.

ඒ ගොඩ­නැ­ඟිල්ල පිළි­බඳ පාර්ශ්ව දෙකක ගැටු­මක් සම්බ­න්ධ­යෙන් නඩු පව­තින බවත්, ඒ පාර්ශ්ව දෙකෙහි හරිනි විජේ­තුංග නමැ­ත්ති­යගේ පාර්ශ්ව­යෙන් ආර­ක්ෂක නිල­ධා­රීන් ලෙස තමා ඇතුළු කණ්ඩා­යම යොදවා තිබූ බවත් පැවැසූ ඒ මහතා, නඩු­ව­කින් භුක්තිය දී තිබූ අනෙක් පාර්ශ්වයේ සුරංග මුතු­කුඩ නමැත්තා පැමිණි අව­ස්ථාවේ ඔහුට පහර නොදී­මද වැටුප් නොදී­මට හේතු­වක් බව කීවේය. එමෙන්ම පොලි­සි­යට අසත්‍ය ප‍්‍රකාශ දෙන්නැයි නිර­තු­රුව කරන නියෝග නොපි­ළි­පැ­දී­මද තමන්ට මෙලෙස සැල­කී­මට හේතු­වක් බව ද ඔවුහු කියති.

ඔවුන් සේවය කරන කාල­සී­මාවේ පෙට‍්‍රල් බෝම්බ, කඩු ආදි තහ­නම් ආයුධ රැසක් ඒ ගොඩ­නැ­ඟිලි පරි­ශ‍්‍රයේ රඳ­වා­ගෙන සිටි බවත්, තවත් අධි සංවේදී තොර­තුරු රැසක් තමන් හා මේ අසා­ධා­ර­ණ­යට ලක්ව ඇති පිරිස සන්ත­කයේ වීඩියෝ සාක්‍ෂි වශ­යෙන් පව­තින බවත් පව­සන ප්‍රදීප් නිශාන්ත මහතා, තමාට සාධා­ර­ණ­යක් නොවුණ හොත් ඒ සියල්ල අදාළ පාර්ශ්ව­යන් වෙත මුදා­හ­රින බවද සඳ­හන් කළේය. තමා සේවය කළ ආර­ක්‍ෂක අංශයේ කිහිප දෙනකු පොලි­සි­යට මේ ගැන පැමි­ණිලි කිරීම සඳහා කුලි­යා­පි­ටිය නග­ර­යට එක් වූ අව­ස්ථාවේ, හෝරා ස්තම්භය අස­ල­ටම පැමිණ පිරි­සක් පිහි­යක් පෙන්වා පැමි­ණිලි නොක­රන ලෙස බල­පෑම් කළ බව ද ඔහු කියයි. පොලි­සිය අසල සිටි­යදී පවා ඔවුන් ත‍්‍රිරෝද රථ­ය­කින් පැමිණ මැරුම් නොකා පිට­වන ලෙස බල­පෑම් කළ බවද ඔහු පැවැ­සීය.

රු. ලක්‍ෂ 13කට ආසන්න වැටු­පක් තම පිරි­සට ලැබී­මට ඇති බව කියන ප්‍රදීප් මහතා, පැමිණි සිය­ල්ලන්ගේ පැමි­ණිලි වෙනු­වට පොලි­සිය තම­න්ගෙන් පම­ණක් පැමි­ණි­ල්ලක් සට­හන් කර­ගත් අතර, මේ වන විට නීතිඥ මණ්ඩ­ල­යක සහා­යෙන් කම්කරු කොම­සා­රිස් කාර්යා­ල­යට හා කම්කරු උසා­වියේ නඩු පැව­රී­ම­ටත් මානව හිමි­කම් කොමි­ස­මට පැමි­ණිලි කිරී­ම­ටත් කට­යුතු සිදු කොට අව­සන් බවත් වැඩි­දු­ර­ටත් කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT