Home » ඉන්දීය ආක්‍ර­මණ නතර නොක­ළොත් ඇමැති ධුරය අත­හැර ධීව­ර­යන් වෙනු­වෙන් පෙනී සිටි­නවා

ඉන්දීය ආක්‍ර­මණ නතර නොක­ළොත් ඇමැති ධුරය අත­හැර ධීව­ර­යන් වෙනු­වෙන් පෙනී සිටි­නවා

by Gayan Abeykoon
February 29, 2024 1:11 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

ඉන්දීය ධීව­ර­යන් දිගින් දිග­ටම මෙරට මුහුදු තීරයේ සිදු කරන ආක්‍ර­ම­ණ­යන් නතර නොකර ශ්‍රී ලංකා රජ­යට දිගින් දිග­ටම බල­පෑම් කළ­හොත් තමන් ධීවර ඇමැති ධුර­යෙන් ඉවත් වී අප රටේ ධීව­ර­යන්ගේ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් සටන් කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවා­නන්දා මහතා පැවැ­සීය.

මෙරට ධීවර සම්පත් කොල්ල­කෑම දිගින් දිග­ටම සිදු­වන බවත් තමන් ධීවර ඇමැති ධුරයේ කට­යුතු ආරම්භ කළ දා සිට මෙම ඉන්දීය ආක්‍ර­ම­ණය නතර කිරී­මට උත්සාහ ගත්ත ද මේ දක්වා ඉන්දීය පාර්ශ්ව­යෙන් සාධා­රණ ප්‍රති­චා­ර­යක් නොලැ­බුණු බව ද කීය.

යාප­නය දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ පෙරේදා (27) පැවැති ලංකා සමාජ ආර­ක්ෂක මණ්ඩ­ලය සංවි­ධා­නය කළ උත්ස­ව­යෙන් පසු මාධ්‍ය­යට අද­හස් දක්ව­මින් ඇමැති දේවා­නන්දා මහතා මේ බව පැවැ­සීය.

තමා ඉන්දීය මහ­කො­ම­සා­රි­ස්ව­රයා සමඟ ඉන්දීය ධීව­ර­යන් මෙරට මුහුදු තීරය ආක්‍ර­ම­ණය පිළි­බ­ඳ­වත් බලය බෙදීම පිළි­බ­ඳ­වත් බලය ව්‍යාප්ත කිරීම පිළි­බ­ඳ­වත් පසු­ගි­යදා සාකච්ඡා කළ බව ද අමා­ත්‍ය­ව­රයා කීය.

තමන් දීර්ඝ කාල­යක සිට පව­සන මෙම කරුණු දැන් යථා­ර්ථ­යක් වී ඇති බවත් ඒ පිළි­බඳ විරුද්ධ මත දැරූ අය ද දැන් තමන්ගේ මත­යට පැමිණ තිබෙන බව ද අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය.

මෙම මතය තුළ අතී­තයේ සිටම අප දේශ­පා­ලන පක්ෂ සහ කණ්ඩා­යම් සිටියා නම් අද මෙවැනි තත්ත්ව­යක් අපගේ ධීවර ප්‍රජා­වට අත්නො­වන බව ද අමා­ත්‍ය­ව­රයා කීය.

ඉදි­රි­යේදී රටේ දේශ­පා­ලන තත්ත්වය හා රටේ නාය­ක­ත්ව­යට පත්වන්නේ කවුද යන්න පිළි­බ­ඳ­වත් තමන් මහ­කො­ම­සා­රි­ස්ව­රයා සමඟ කරුණු හුව­මාරු කර ගත් බව ද ඇමැති දේවා­නන්දා මහතා මෙහිදී පැවැ­සීය.

මෑත­කදී ජාතික ජන බල­වේ­ගයේ නායක අනුර කුමාර දිසා­නා­යක මහතා ඇතුළු කණ්ඩා­යම ඉන්දි­යාවේ සිදු කළ සංචා­ර­යේදී ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලු පිළි­බඳ කිසිඳු සාක­ච්ඡා­වක් සිදු කර නැති බව ද කී ඇමැ­ති­ව­රයා පෙන්වා දුන්නේ තමා ඉන්දීය මහ­කො­ම­සා­රි­ස්ව­රයා හමු වූ අව­ස්ථා­වේදී ඉන්දීය ධීව­ර­යන් අප රටේ ධීව­ර­යන්ගේ සම්පත් කොල්ල­කන ආකා­රය පෙන්වා­දුන් බවයි. ධීවර ප්‍රජාව විඳින දුක්ගැ­හැට පිළි­බඳ මහ­කො­ම­සා­රි­ස්ව­රයා දැනු­ම්වත් කළ බව ද ඇමැ­ති­ව­රයා පැවැ­සීය. නමුත් තව­මත් මෙම ගැට­ලුව කෙරෙහි කිසිඳු සාධා­රණ විස­ඳු­මක් ලැබී නැති අතර මෙම තත්ත්වය තව­දු­ර­ටත් සිදු වන්නේ නම් තමන් ධීවර ඇමැති ධුර­යෙන් ඉල්ලා අස්වී ධීව­ර­යන්ගේ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් සටන් කරන බව ද ඇමැ­ති­ව­රයා පැවැ­සීය.

ඉන්දීය ධීව­ර­යන්ට ලංකා­වේදී නීතිය ක්‍රියා­ත්මක කිරීම සම්බ­න්ධ­යෙන් තමි­ල්නා­ඩුවේ පැවැ­ත්වෙන උද්ඝෝ­ෂණ පිළි­බඳ අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා ‘උද්ඝෝ­ෂණ කිරීම ඕනෑම කෙන­කුගේ අයි­ති­වා­සි­ක­මක්, නමුත් මෙරට මුහුදු සම්පත් නීති විරෝධී අයු­රින් නෙළා ගැනී­මට කට­යුතු කළ­හොත් අත්අ­ඩං­ගු­වට ගෙන අව­වාද කර ඇප දෙන අවස්ථා පව­ති­නවා. නමුත් අවස්ථා ගණ­නා­වක්ම එම නීති විරෝධී කට­යුතු සිදු වුව­හොත් අත්අ­ඩං­ගු­වට ගෙන නීති­යෙන් දඬු­වම් කිරී­මට පිය­වර ගත හැකි නීති අප රටේ පව­ති­නවා. මෙසේ පැමි­ණෙන ඉන්දීය යාත්‍රා­වල සිටින යාත්‍රා නිය­මු­වන්ට හා කාන්තා­වන්ට ලබා දී ඇති දඬු­වම් ඉන්දීය ජන­තා­වට මේ වන විට දැනී තිබෙ­නවා. දැන්වත් ඔවුන් අපේ ධීව­ර­යන්ගේ මත්ස්‍ය සම්පත් නෙළා ගැනී­මෙන් අපේ ධීව­ර­යන් අප­හ­සු­තා­වට ලක් කිරීම නතර කළ යුතුයි’ යැයි ද කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT