Home » සැක­ක­රු­වෙක් වූ යාප­නයේ ශාන්තන් ගාන්ධි රෝහ­ලේදී මිය­යයි
රජිව් ගාන්ධි ඝාත­නය

සැක­ක­රු­වෙක් වූ යාප­නයේ ශාන්තන් ගාන්ධි රෝහ­ලේදී මිය­යයි

by Gayan Abeykoon
February 29, 2024 1:07 am 0 comment

හිටපු ඉන්දීය අග්‍රා­මාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාත­න­යට වර­ද­ක­රු­වකු වී පසුව නිද­හස ලැබූ යාප­නයේ ශාන්තන් නමැත්තා ඉන්දි­යාවේ රජිව් ගාන්ධි රෝහ­ලේදී පෙරේදා (27) මිය­ගොස් තිබේ.  වසර 32කට පසුව සිය මව බැලී­මට යාප­න­යට පැමි­ණී­මට නිය­මි­තව සිටි­යදී ඔහුට හදි­සියේ වැල­ඳුණු අක්මා රෝග­යක් හේතු­වෙන් රෝහ­ල්ග­ත­කොට සිටි අතර පසුව මිය­ගොස් ඇත.

ශාන්තන්ගේ මව විසින් ඉන්දීය රජ­යට ඉදි­රි­පත් කරන ලද අභි­යා­ච­න­යක් සැල­කි­ල්ලට ගැනී­මෙන් පසුව ඉන්දීය රජයේ අනු­මැ­තිය මත චෙන්නා­යිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ­කො­ම­සා­රිස් කාර්යා­ලය විසින් ශාන්තන්ට ඉන්දි­යා­වෙන් ශ්‍රී ලංකා­වට පැමි­ණීම සඳහා විදෙස් ගමන් බල­ප­ත්‍ර­යක් නිකුත් කොට තිබිණි.

හිටපු අග­මැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවි­තා­න්තය දක්වා සිර­ද­ඬු­වම් නියම වූ නාලිනී, මුරු­ගන් සහ ශාන්තන් ඇතුළු හත් දෙනා 2022 නොවැ­ම්බර් මාස­යේදී නිද­හස් කරන ලදි. නිද­හස් කරන ලද හත්දෙනා අත­රින් මුරු­ගන් සහ ශාන්තන් ට්‍රිචි විශේෂ කඳ­වුරේ රඳවා තබන ලද අතර අනෙක් පස්දෙ­නාට ඔවුන්ගේ ඥාතීන් වෙත යෑමට අව­ස­රය ඉන්දීය රජ­යෙන් හිමි­විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT