පාණදුර ජනප්‍රිය පාසලක සිසුවියක් පාසල නිමවා නිවස කරා යමින් සිටියදී, කටට මත්පෙති දමා, කනක කරාබුවක් ගලවාගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පින්වත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සිසුවිය පෙරේදා (27) පස්වරුවේ පානදුර, මහවිල ප්‍රදේශයේ සිය නිවස කරා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන් වේ. පාසල් සිසුවිය අතුරු මාර්ගයක වැටී සිටින බවට ප්‍රදේශයේ කාන්තාවක් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාට ලද තොරතුරක් මත 1990 යොදා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල්ගත කළ දැරිය පාණදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත්, සිහිසුන්ව සිටී සිසුවිය ඊයේ වන විට තරමක් ප්‍රකෘති තත්ත්වයට පැමිණ සිටී බවත් සඳහන් වේ. ප්‍රදේශයේ සිසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව උසස් පොලිස් නිලධාරියෙක් කීවේය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.