268
පාණදුර, ගඟුල පුරාණ පත්තිනි දේවාලයේ වාර්ෂික මඩු මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවීම හෙට (01) රාත්‍රි 7.00 ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.
දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මයුර ප්‍රසන්න ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් කප් සිටුවීම සිදු කරන අතර, මෙම අවස්ථාවට ප්‍රදේශයේ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.