Saturday, May 10, 2025
Home » බිරිය දලු කඩන්න ගිය අතරේ වැසි­කි­ළිය තුළ වැටුණු දෙදරු පියා ජීවි­ත­ක්ෂ­යට

බිරිය දලු කඩන්න ගිය අතරේ වැසි­කි­ළිය තුළ වැටුණු දෙදරු පියා ජීවි­ත­ක්ෂ­යට

by Gayan Abeykoon
February 29, 2024 1:00 am 0 comment

හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ

නිවස පිටු­පස වැසි­කි­ළිය තුළ වැටී පුද්ග­ල­යකු මිය ගොස් සිටි­යදී පෙරේදා (27) සොයා ගත් බව බුල­ත්සිං­හල පොලි­සිය පව­සයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ අම­ර­ගෙ­දර, බුල­ත්සිං­හල ලිපි­නයේ පදිංචි එම්. ජී. රංජිත් නමැති 54 හැවි­රිදි දෙදරු පියෙකි. සිද්ධිය වූ දින උදේ මෙම පුද්ග­ලයා නිවසේ තනිව සිට ඇති අතර බිරිඳ අසල වත්තක තේ දලු කැඩී­මට ගොස් තිබේ. බිරිඳ කීප අව­ස්ථා­වක දුර­ක­ත­න­යෙන් ඔහුට කතා කර ඇති අතර ඔහු­ගෙන් කිසිදු පිළි­තු­රක් නොවූ තැන ඇය පැමිණ ඔහු පිළි­බඳ සොයා බලා තිබේ. නිවස තුළ නොසිටි බැවින් ඇය අවට කැලෑ ප්‍රදේ­ශ­ව­ලද සොයා බලා පසුව නිවස පිටු­ප­සට ගොස් බැලී­මේදී දොරක් නොමැති වැසි­කි­ළිය තුළ ඔහු වැටී සිට ඇති බව දැක තිබේ.

එදින 11.30 ට පමණ ඔහු පුද්ග­ල­ය­කුට දුර­ක­ත­න­යෙන් කතා කර ඇති අතර බිරි­ඳට ඔහු වැටී සිටි­යදී හමුවී ඇත්තේ සවස 2.00ට පමණ බව පොලි­සිය පව­සයි. බුල­ත්සිං­හල හදිසි මරණ පරී­ක්ෂක චිරාත් භාරත මහතා ස්ථානීය පරී­ක්‍ෂණ සිදු කළ අතර හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රිනි එස්. එස්. සිල්වා මහ­ත්මිය පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කළාය. ඉදි­රි­පත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා අනුව මෙම මර­ණය හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන් සිදු වූ මර­ණ­යක් බවට බුල­ත්සිං­හල හදිසි මරණ පරී­ක්ෂක චිරාත් භාරත මහතා නිග­ම­නය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT