විල්වත්ත ප්රදේශයේ නිවෙසක් සහ සිල් ආරාමයක් පිහිටා ඇති ස්ථානයකට ගිනි අවියක් වැනි යමක් රැගෙන පෙරේදා (27) පැමිණි පුද්ගලයකු මුදල් සහ රන් ආභරණ ඇත්දැයි විමසා එහි සිටි පුද්ගලයන් බිය ගැන්වූ බව කියන සිද්ධියක් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව මීරිගම පොලිසිය කියයි.
මේ ප්රදේශයේ පදිංචිව සිටි යුවළකගෙන් බිරිය වසර ගණනාවක සිට සිල් මාතාවක ලෙස වෙනම කුටියක් තනාගෙන වෙසෙන බවත්, සැමියා පැරැණි නිවසේ කල් ගත කරන බවත්, පොලිසිය සඳහන් කරයි. නාඳුනන පුද්ගලයකු පෙරේදා (27) පස්වරුවේ ගිනි අවියක් වැනි දිග බටයක් සහිත කිසියම් උපකරණයක් රැගෙන පැමිණ මුදල් හා රන් ආභරණ ඇත්දැයි විමසා ඇති අතර, ඒ සිද්ධිය පිළිබඳව 119 මඟින් පොලිසියට පැමිණ දැනුම් දී තිබේ.
ඒ අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මීරිගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.