Sunday, May 11, 2025
Home » මිනු­ව­න්ගොඩ අධ්‍යා­පන කලා­පයේ ගුරු පුර­ප්පාඩු 722ක්

මිනු­ව­න්ගොඩ අධ්‍යා­පන කලා­පයේ ගුරු පුර­ප්පාඩු 722ක්

by Gayan Abeykoon
February 29, 2024 1:00 am 0 comment

කොට­දෙ­ණි­යාව සමූහ - එම්. පුෂ්ප­කු­මාර

මිනු­ව­න්ගොඩ අධ්‍යා­පන කලා­පයේ පාසල් 160හි ගුරු පුර­ප්පාඩු 722ක් පව­තින බව ගුරු සංගම් ප්‍රකාශ කරයි.

මිනු­ව­න්ගොඩ අධ්‍යා­පන කලා­පය, මීරි­ගම කොට්ඨා­සයේ පාසල් 54ක්, දිවු­ල­පි­ටිය කොට්ඨා­සයේ පාසල් 55ක් සහ මිනු­ව­න්ගොඩ කොට්ඨා­සයේ පාසල් 51කින් සම­න්විත වන අතර, මෙම ගුරු පුර­ප්පාඩු හමුවේ පාසල් දරු­වන්ගේ අධ්‍යා­පන කට­යු­තු­ව­ලට දැඩි ලෙස බාධා පැමි­ණෙන බවද ගුරු සංගම් සඳ­හන් කරති.

මේ පිළි­බ­ඳව මිනු­ව­න්ගොඩ කලාප අධ්‍යා­පන අධ්‍යක්ෂ වජිර රණ­රාජා පෙරේරා මහතා පැව­සුවේ අධි­ක­රණ නියෝ­ග­යක් මත ඇන­හිට පව­තින ගුරු­ව­රුන් බඳ­වා­ගැ­නීමේ කට­යුතු සිදු වීමෙන් පසු මේ තත්ත්වය වළ­ක්වා­ගත හැකි වන බවයි.

එමෙන්ම මේ වන විට සංව­ර්ධන නිල­ධා­රීන් 650ක පමණ පිරි­සක් මෙම පාස­ල්වල සේවය සඳහා යොදවා ඇති අතර, ඔවු­න්ගෙන් අවශ්‍ය කට­යුතු ආව­ර­ණය කර ගැනී­මට කට­යුතු කරන බවත්, ගුරු­ව­රුන් 350ක පමණ පිරි­ස­කගේ සේවය ලැබෙන්නේ නම් මෙම පුර­ප්පාඩු තත්ත්වය නොස­ලකා දරු­වන්ට හොඳ සේවා­වක් ලබා දීමට හැකි වන ඇති බවත් ඒ මහතා වැඩි­දු­ර­ටත් පැව­සු­වේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT