Home » දඹාන ආදි­වා­සීන් වෙනු­වෙන් නව වාරි පහ­සු­කම් පද්ධ­ති­යක්

දඹාන ආදි­වා­සීන් වෙනු­වෙන් නව වාරි පහ­සු­කම් පද්ධ­ති­යක්

by Gayan Abeykoon
February 29, 2024 1:07 am 0 comment

හාලි­ඇළ සමූහ - ආර්. එම්. විජේ­රත්න

මහි­යං­ගණ, දඹාන ආදි­වාසී ජන­තාව වෙනු­වෙන් ඉදි­ක­රන ලද නව වාරි පහ­සු­කම් පද්ධ­ති­යක් විවෘත කිරීම ආදි­වාසී නායක ඌරු­ව­රිගේ වන්නිල ඇත්තන්ගේ හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේ­ව­ර්ධන මහතා ඇතුළු නිල­ධා­රීන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් පසු­ගි­යදා සිදු කෙරිණි.

දඹාන ගම්මා­නයේ අක්කර පහ­ළො­වක පමණ වගා වප­ස­රි­යක් සඳහා ජල පහ­සු­කම් ලබා දීම පිණිස මෙම වාරි ව්‍යාපෘ­තිය ඉදි­කර ඇති අතර ඒ යටතේ කෘෂි ළිඳක් ඉදි­කර එහි ජලය සූර්ය බල­ශ­ක්ති­යෙන් ක්‍රියා­ත්මක වන විදුලි මෝට­ර­යක ආධා­ර­යෙන් නළ පද්ධ­ති­යක් ඔස්සේ වගා බිම වෙත සැප­යීම සිදු වේ. ඉකුත් 2023 වසරේ ලෝක ආදි­වාසී දින­යට සම­ගා­මීව ශ්‍රී ලංකා හද­බිම අධි­කා­රිය මඟින් දඹාන ආදී­වාසී ගම්මා­නය කේන්ද්‍ර කර ගනි­මින් ක්‍රියා­ත්මක කරන ලද සංව­ර්ධන වැඩ­ස­ට­හන යටතේ රුපි­යල් 1,435,766ක විය­ද­මින් මෙම වාරි ව්‍යාපෘ­තිය ඉදි­කර ඇත. ඊට අම­ත­රව එම සංව­ර්ධන වැඩ­ස­ට­හන යටතේ ප්‍රති­ලාභී පවුල් 100කට ගෙවතු සංව­ර්ධ­නය කිරීම සඳහා එළ­වළු පැළ හා බීජ ලබා දීම, දියර පොහොර බෙදා දීම, කෘෂි උප­ක­රණ කට්ටල බෙදා දීම, කාබ­නික පොහොර නිෂ්පා­ද­නය සඳහා අවශ්‍ය උප­ක­රණ කට්ටල බෙදා දීම, පල­තුරු වගාව ව්‍යාප්ත කිරීම සඳහා එක් පවු­ල­කට පැළ 25 බැගින් අඹ පැළ 2,500ක් බෙදා දීම හා මී මැසි පාල­නය සඳහා මී මැස්සන් රැඳෙන කිතුල් කඳන් 100ක් ලබා දීම සිදු කර තිබේ. සමස්ත ව්‍යාපෘ­තිය වෙනු­වෙන් වැය කර ඇති මුදල රුපි­යල් 3,674,641කි.

මෙම ව්‍යාපෘ­තිය විවෘත කිරීමේ අව­ස්ථා­වට බදුල්ල අති­රේක දිස්ත්‍රික් ලේකම් නිමේෂා ප්‍රියංගි වන­සිංහ මහ­ත්මිය හා ශ්‍රී ලංකා හද­බිම අධි­කා­රියේ සභා­පති සරත් චන්ද්‍ර­සිරි විතාන, නියෝජ්‍ය අධ්‍යක්ෂ කණිෂ්ක කහ­පොළ, මහි­යං­ග­ණය ප්‍රාදේ­ශීය ලේකම් සංජය වීර­සිංහ යන මහ­ත්ව­රුන් ඇතුළු රාජ්‍ය නිල­ධා­රීන් හා ආදී­වා­සීහු පිරි­සක් ද එක්ව සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT