රජරට පුරා ජලාශයන්හි සැල්වීනියා ශාඛය පැතිර යෑම වසර හතළිහක පමණ කාලයක සිට පවතින බැවින් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතුවලට මෙය තදින් බලපා ඇති බව පවසන ගොවීන් මෙසේ පැතිර යමින් පවතින මෙම ශාඛය ජලාශයන්ගෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිසිඳු පියවරක් නොගැනීම හේතුවෙන් මෙම ජලාශයන්හි ජල ධාරිතාව ක්‍රමයෙන් අඩු වී ඇති බවත් ඒ හේතුවෙන් කෘෂිකාර්මික කටයුතුවලට ඉතා අහිතකර බලපෑම් එල්ල වී ඇති බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මාතලේ සහ අනුරාධපුර දිස්ත්රික්කයන්ට මෙම තත්ත්වය ඉතා තදින් බලපාන අතර, මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් වැව් මේ වන විට මෙම ශාඛයන්ගෙන් සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් ගොවීන් පවසන්නේ මහවැලි ව්‍යපාරය ආරම්භ කිරීමට පෙර ග්‍රාමීය මට්ටමේ පවතින සියලු වැව් අමුණු සම්පූර්ණයෙන් පවිත්‍ර කිරීම ජනතාව විසින් සිදු කරනු ලැබුවත් මෙම නව වාරි ව්‍යාපෘතිය ආරම්භයත් සමඟම ග්‍රාමීය ජනතාව මෙයින් ඉවත් වීම මෙවැනි තත්ත්වයක් උදා වීමට හේතු වූ බවයි.
දැනට මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් සියලු ප්‍රධාන ජලාශයන් දශක හතරක පමණ කාලයක සිට රොන්මඩින් පිරී යමින් පවතින නමුත් මෙම රොන්මඩ ඉවත් කිරීමට අධිකාරිය කිසිඳු පියවරක් නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය තවත් උග්‍ර අතට පත්ව ඇත. මෙයට සමගාමීව කුඩා වැව් ද මේ අයුරින් රොන් මඩින් පිරී යාම නිසා ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු ද අඩපණ වෙමින් පවතින බව ගොවි ජනතාව පෙන්වා දෙති.
මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කොට මෙම වැව් පද්ධතියේ රොන් මඩ ඉවත් කිරීමට රජය කඩිනම් පියවර නොගතහොත් නුදුරු අනාගතයේදී දේශීය කෘෂිකර්මාන්තය කඩා වැටීම නොවැළැක්විය හැකි බව මොවුහු වැඩිදුරටත් සඳහන් කරති.