Home » ඇතු­න්ග­හ­කො­ටුව මුස්ලිම් විදු­හල් සිසුන්ට පළමු වතා­වට දැල්පන්දු පුහුණු කඳ­වු­රක්

ඇතු­න්ග­හ­කො­ටුව මුස්ලිම් විදු­හල් සිසුන්ට පළමු වතා­වට දැල්පන්දු පුහුණු කඳ­වු­රක්

by Gayan Abeykoon
February 29, 2024 1:06 am 0 comment

කුරු­ණෑ­ගල සුනිල් එස්. පැල්ල­න්දෙ­ණිය

කුලි­යා­පි­ටිය, ඇතු­න්ග­හ­කො­ටුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යා­ලයේ සිසු­වි­යන් වෙනු­වෙන් එම විද්‍යා­ල­යීය ඉති­හා­සයේ ප්‍රථම වතා­වට දැල්පන්දු පුහුණු කඳ­වු­රක් පසු­ගි­යදා එම විද්‍යා­ලයේ ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වීය.

විදු­හලේ සිය­ලුම ශිෂ්‍යා­වන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් පැවැති මෙම පුහුණු කඳ­වුර එදින දවස පුරාම පැවැති අතර, කුරු­ණෑ­ගල දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ ක්‍රීඩා අංශයේ දිස්ත්‍රික් දැල්පන්දු පුහු­ණු­කරු ජේ. ඒ. එච්. සන්ධ්‍යා කන්දෙ­පොළ මහ­ත්මිය මෙම පුහුණු වැඩ­ස­ට­හන මෙහෙ­ය­වූ­වාය.   වැඩ­ස­ට­හන සඳහා විද්‍යා­ලයේ විදු­හ­ල්පති එම්. ආර්. එම්. රිෆ්කාන් මහතා, ක්‍රීඩා පුහු­ණු­කරු සමිත එදි­රි­සිංහ මහතා ඇතුළු ගුරු­ව­රුන් හා මවු­පි­යන්ගේ සහාය ලැබී තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT