Home » වසර ගණ­නා­ව­කට පසු ඇතා­කඩ රෝහල නැවත ජනතා අයි­ති­යට

වසර ගණ­නා­ව­කට පසු ඇතා­කඩ රෝහල නැවත ජනතා අයි­ති­යට

by Gayan Abeykoon
February 29, 2024 1:06 am 0 comment

කැබි­ති­ගො­ල්ලෑව සමූහ

වසා දැමී­මට ගොස් ජනතා ඉල්ලීම මත නැවත ප්‍රති­සං­ස්ක­ර­ණය කළ ඇතා­කඩ ප්‍රාථ­මික වෛද්‍ය සත්කාර ඒක­කය නැවත ජනතා අයි­ති­යට පත් කිරීම උතු­රු­මැද පළාත් ආණ්ඩු­කාර මහී­පාල හේරත් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පෙරේදා (27) දින සිදු කෙරිණි.

අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ ග්‍රාමීය ජන­තා­වගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අර­මු­ණින් රෝහල් සහ ප්‍රාථ­මික වෛද්‍ය සත්කාර මධ්‍ය­ස්ථා­න­යන්හි පහ­සු­කම් වැඩි­දි­යුණු කිරීමේ වැඩ­ස­ට­හන යටතේ මෙහි නවී­ක­රණ කට­යුතු සිදු කෙරිණි. මේ සඳහා ආසි­යානු සංව­ර්ධන බැංකුව මඟින් රුපි­යල් ලක්ෂ හාර­සිය හයක (406) මූල්‍ය­මය ප්‍රති­පා­දන ලබා දී තිබුණි.

මේ තුළින් මැද­ව­ච්චිය ප්‍රාදේ­ශීය ලේකම් බල­ප්‍ර­දේ­ශයේ හා කැබි­ති­ගො­ල්ලෑව ප්‍රාදේ­ශීය ලේකම් බල­ප්‍ර­දේ­ශයේ පවුල් 5000ට වැඩි ප්‍රමා­ණ­යක් සඳහා සෞඛ්‍ය පහ­සු­කම් ලබා දීමට හැකි­යාව ඇත.

මෙම අව­ස්ථා­වට අනු­රා­ධ­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රි කේ.එච්. නන්ද­සේන, උතු­රු­මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය සුසිල් ගුණ­රත්න, හිටපු පළාත් සභා මන්ත්‍රි කල්‍යාණි කර­ලි­යද්ද, පළාත් සෞඛ්‍ය අමා­ත්‍යං­ශයේ ‍ ලේකම් සී. එම්. කේ. වන්නි­නා­යක, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් ආරි­ය­රත්න ඇතුළු නිල­ධා­රීහු රැසක් සහ­භාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT