අම්පාර නගර සීමාවේ බුද්ධංගල අභය භූමියට ආසන්න කුඹුරක වන අලියෙක් මියගොස් තිබේ.
දැනට දින දෙකක කාලයක් මෙම ස්ථානයේ වැටී සිටි අතර අම්පාර වනජීවී සෞඛ්‍ය ඒකකයේ වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්ප කුමාර මහතා ඇතුළු පිරිස දින දෙකක් මෙම වන අලියාට ප්‍රතිකාර කර ඇතත් පෙරේදා (27) රාත්‍රී කාලයේ මෙම වන අලියා මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ පිරිමි වන අලියෙක් වන අතර මෙම අලියාගේ එක පාදයක තුවාලයක් ද පවතී. අලියා මියගිය ස්ථානයට මීටර් 800ක පමණ දුරින් අම්පාර නගර සභාව විසින් පාලනය කරන කසළ ප්‍රතිශක්ති ඒකකය පිහිටා තිබේ. දිනකට මෙම ස්ථානයට කුණු කෑම සඳහා අලින් පැමිණෙන අතර කුණු කෑම නිසා මෙම අලියා මියගොස් ඇති බව ගම්වැසියෝ පවසති.
මෙම වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (28) අම්පාර වනජීවී සෞඛ්‍යය ඒකකයේ වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්ප කුමාර විසින් සිදු කිරීමට නියමිතව තිබුණි.