Home » දින දෙකක ප්‍රති­කා­ර­යෙන් පසු බුද්ධං­ගල වෙල් යායේ සිටි වන අලියා මරුට

දින දෙකක ප්‍රති­කා­ර­යෙන් පසු බුද්ධං­ගල වෙල් යායේ සිටි වන අලියා මරුට

by Gayan Abeykoon
February 29, 2024 1:06 am 0 comment

දිගා­ම­ඩුල්ල විශේෂ වසන්ත චන්ද්ර­පාල

අම්පාර නගර සීමාවේ බුද්ධං­ගල අභය භූමි­යට ආසන්න කුඹු­රක වන අලි­යෙක් මිය­ගොස් තිබේ.

දැනට දින දෙකක කාල­යක් මෙම ස්ථානයේ වැටී සිටි අතර අම්පාර වන­ජීවී සෞඛ්‍ය ඒක­කයේ වන­ජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්ප කුමාර මහතා ඇතුළු පිරිස දින දෙකක් මෙම වන අලි­යාට ප්‍රති­කාර කර ඇතත් පෙරේදා (27) රාත්‍රී කාලයේ මෙම වන අලියා මිය­ගොස් තිබේ.

මෙසේ මිය­ගොස් ඇත්තේ පිරිමි වන අලි­යෙක් වන අතර මෙම අලි­යාගේ එක පාද­යක තුවා­ල­යක් ද පවතී. අලියා මිය­ගිය ස්ථාන­යට මීටර් 800ක පමණ දුරින් අම්පාර නගර සභාව විසින් පාල­නය කරන කසළ ප්‍රති­ශක්ති ඒක­කය පිහිටා තිබේ. දින­කට මෙම ස්ථාන­යට කුණු කෑම සඳහා අලින් පැමි­ණෙන අතර කුණු කෑම නිසා මෙම අලියා මිය­ගොස් ඇති බව ගම්වැ­සියෝ පව­සති.

මෙම වන අලි­යාගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය ඊයේ (28) අම්පාර වන­ජීවී සෞඛ්‍යය ඒක­කයේ වන­ජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්ප කුමාර විසින් සිදු කිරී­මට නිය­මි­තව තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT