Thursday, May 15, 2025
Home » ඩෙන්සිල් කොබ්බෑ­ක­ඩුව රෝහලට වතුර නෑ
ජල නළ­වල නඩ­ත්තු­වක් නිසා දින දෙකක සිට

ඩෙන්සිල් කොබ්බෑ­ක­ඩුව රෝහලට වතුර නෑ

රෝගීහු, වෛද්‍ය­වරු හා රෝහල් සේව­කයෝ දැඩි අසී­රු­තා­වක

by Gayan Abeykoon
February 29, 2024 1:06 am 0 comment

සීගි­රිය විශේෂ

දින දෙකක සිට දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බැ­ක­ඩුව රෝහ­ලට ජල පහ­සු­කම් නොමැ­ති­වීම හේතු­වෙන් බාහිර රෝගීන්, නේවා­සික රෝගීන්, වෛද්‍ය­වරු ඇතුළු රෝහල් සේව­කයෝ දැඩි අසී­රු­තා­ව­යට පත්ව ඇති බව රෝගීහු පව­සති.

දඹුල්ල මූලික රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබන රෝගීන් ඊයේ (28) උදෑ­සන කියා සිටියේ මේ වන විට වැසි­කිළි පහ­සු­කම් සපයා ගැනී­මට ජල හිඟය උග්‍ර ලෙස බලපා නේවා­සික රෝගීන්, සේව­ක­යන් දැඩි අසී­රු­තා­ව­කට පත්ව තිබෙන බවය. නේවා­සික රෝගීන් ඇඳ­න්ව­ලින් බැසී­මට හැකි අය අවට නග­රයේ පොදු වැසි­කිළි පද්ධ­ති­යට, නිවා­ස­ව­ලට මෙන්ම වෙළෙ­ඳ­ස­ල්ව­ලට ගොස් තම අව­ශ්‍ය­තාව ඉටු­කර ගැනීම අලු­යම් කාලයේ සිට සිදු කළ බවය. ඇවිද ගැනී­මට සහ දුර ගමන් කිරී­මට නොහැකි රෝගීන් තම අප­හ­සු­තාව විඳ දරා­ගෙන දැඩි පීඩ­න­ය­කට ලක්ව සිටින බව ඔවුහු පව­සති.

දඹුල්ල මූලික රෝහලේ සේවක සේවි­කා­වන් කියා සිටියේ පෙරේදා (27) පෙර­ව­රුවේ සිට ඊයේ (28) පෙර­ව­රුව දක්වාම ජල සැප­යීම නැවතී ඇත්තේ ජලා­ප­වා­හන මණ්ඩ­ලයේ ජල නළ පද්ධ­තියේ නඩත්තු කිරී­මක් නිසා­වෙන් බවය. දඹුල්ල ජලා­ප­වා­හන මණ්ඩ­ලයේ නඩත්තු කරන කට­යු­ත්තක් හේතු­වෙන් මෙම තත්ත්වය උදා වී තිබෙන බව පෙන්වා දුන්නද මෙවැනි හදිසි අව­ස්ථා­වක් සිදු වුව­හොත් ඊට විකල්ප ක්‍රම භාවිත කිරීම සඳහා කිසිඳු පිය­ව­රක් නොගැ­නීම බල­වත් කන­ගා­ටු­වක් බව රෝගීහු පෙන්වා දෙති. පානීය ජලය කෙසේ හෝ සපයා ගත්තද වැසි­කිළි කැසි­කිළි පහ­සු­කම් රෝහල පවිත්‍ර කට­යුතු සිදු කිරීම් අත්‍යා­වශ්‍ය කාරණා සඳහා ජලය නොමැ­ති­වීම බර­ප­තළ ප්‍රශ්න­යක් බව සේව­ක­යන් හා ජන­තාව ද පෙන්වා දෙති.

දින­කට විශාල රෝගීන් පිරිස් බාහිර සායන සහ නේවා­සි­කව ප්‍රති­කාර ලබන වීර ඩෙන්සිල් කොබ්බෑ­ක­ඩුව රෝහලේ පව­තින මෙම බර­ප­තළ ප්‍රශ්නය පිළි­බ­ඳව සොයා බැලීම සඳහා ගිය අපට රෝගීන් තම අප­හ­සු­තාව පෙන්වා දෙන්නට වූහ.

රෝහල් ප්‍රකා­ශ­ක­යින් කියා සිටියේ ආහාර පිසීම, ආප­න­ශාලා පව­ත්වා­ගෙන යෑම සහ සම්පූ­ර්ණ­යෙන්ම දෛනික කට­යු­තු­ව­ලට ජලය නැති­වීම බර­ප­තළ ලෙස බැඳෙන බවය.

රෝහල් බල­ධා­රීන් සඳ­හන් කළේ දඹුල්ලේ ජලා­ප­වා­හන මණ්ඩ­ල­යට දැනුම් දී තිබෙන බවත් ඔවුන් කඩි­න­මින් අලු­ත්වැ­ඩියා කොට ජලය ලබා දීමට කට­යුතු කරන බවට දැනුම් දී ඇති බවය.

අප නඩත්තු කරන ස්ථාන­යට ගොස් සොයා බැලී­ම­කදී දැක­ගැ­නී­මට හැකි වූයේම දවස් දෙකේ­දීම නළ පද්ධ­තිය අලු­ත්වැ­ඩියා කිරීම් කට­යුතු දිවා රෑ නොබලා සේව­ක­යන් විසින් සිදු කරන බවය.

කෙසේ වෙතත් එහි නඩත්තු කට­යුතු අව­සන් කර ගැනී­මට නොහැකි වී තිබේ. දඹුල්ල ජලා­ප­වා­හන මණ්ඩ­ලයේ නඩත්තු නිල­ධා­රී­ව­ර­යෙකු කියා සිටියේ මෙම හදිසි බිඳ වැටීම දැන­ගත් මොහො­තේම ජලය රැස් කර තබා ගන්නා ලෙස දැනුම් දීම­කින් අන­තු­රුව මෙම නඩත්තු කට­යුතු ආරම්භ කළ බවය. කඩි­න­මින් අවශ්‍ය ස්ථාන­යට ජලය ලබා දීම සඳහා කට­යුතු අව­සන් කිරී­මට උත්සහා කරන බව ද සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT