Thursday, May 15, 2025
Home » බදුල්ලේ කුඩා තේවතු හිමි­යන් 35,000කට සහන මිලට තේ පොහොර

බදුල්ලේ කුඩා තේවතු හිමි­යන් 35,000කට සහන මිලට තේ පොහොර

by Gayan Abeykoon
February 29, 2024 1:00 am 0 comment

හාලි­ඇළ සමූහ - ආර්. එම්. විජේ­රත්න

රජයේ සහ­නා­ධාර වැඩ­ස­ට­හන යටතේ බදුල්ල දිස්ත්‍රි­ක්කයේ කුඩා තේවතු හිමි­යන් 35000ක් සඳහා අවශ්‍ය පොහොර වර්ග සහන මිලට ලබා­දීම මේ වන විට ආරම්භ කර ඇතැයි ද මාර්තු මස 31 වැනිදා තෙක් සහ­නා­ධාර පොහොර නිකුත් කෙරෙන බව ද කුඩා තේ වතු සංව­ර්ධන අධි­කා­රිය පව­සයි.

මේ යටතේ වෙළෙ­ඳ­පො­ළෙහි රුපි­යල් 11,800ක් වන පොහොර මිටි­යක් රුපි­යල් 7950ක මිලට ලබා දෙන බව ද මේ සම්බ­න්ධ­යෙන් බදුල්ල දිස්ත්‍රික් කෘෂි­කර්ම කමි­ටුව දැනු­ම්වත් කර­මින් කරුණු දැක්වූ කුඩා තේ වතු සංව­ර්ධන අධි­කා­රියේ ඌව ප්‍රාදේ­ශීය කළ­ම­නා­කා­ර­ව­රයා සඳ­හන් කළේය.

ඒ අනුව තේ පොහොර සහ­නා­ධාර වැඩ­පි­ළි­වෙළ යටතේ ටී- 200 හා ටී-750 යන පොහොර වර්ග මිටි­යක් රුපි­යල් 5700 බැගින් ද යූ-709 හා යූ- 834 පොහොර මිටි­යක් රුපි­යල් 7950 බැගින් ද තේ තවාන් සඳහා භාවිත කරන ටී- 65 පොහොර මිටි­යක් රුපි­යල් 8500 බැගින් ද කුඩා තේ වතු සංව­ර්ධන සමිති හරහා ලබා දෙන බවත් මේ සඳහා පොහොර මෙට්‍රික් ටොන් 1278ක් වෙන්කර ගෙන ඇති බවත් ඒ මහතා පැවැ­සීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT