Saturday, May 10, 2025
Home » දකුණු පළා­තේ පාසල්වලට ගුරු­ පත්වීම් 1028ක්

දකුණු පළා­තේ පාසල්වලට ගුරු­ පත්වීම් 1028ක්

by Gayan Abeykoon
February 29, 2024 1:00 am 0 comment

ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිල­ක­රත්න හිනි­දුම රවින්ද්ර ලිය­නගේ

දකුණු පළාත් සභාව මඟින් පාල­නය වන පාසල් සඳහා ගුරු­ව­රුන් 1028 දෙනෙකු කඩි­න­මින් බඳවා ගැනීමේ කට­යුතු මේ වන විට ආරම්භ කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩු­කා­ර­වර ආචාර්ය විලි ගමගේ මහතා ඊයේ (27) මාධ්‍ය­යට අද­හස් දක්ව­මින් පැවැ­සීය.

ගුරු­ව­රුන් බඳ­වා­ගැ­නීම සඳහා පැවැති උපා­ධි­ධාරී ගුරු විභා­ගයේ වැඩිම ලකුණු ලබා ගත් උප­ධි­ධා­රීන් සම්මුඛ පරී­ක්ෂණ සඳහා කැඳ­වී­මට කට­යුතු කරන බවත් ඒ අනුව ගුරු විභා­ගයේ වැඩිම ලකුණු ලබා ගත් උපා­ධි­ධා­රීන් 3080 දෙනෙකු සම්මුඛ පරී­ක්ෂණ සඳහා කැඳ­වී­මට කට­යුතු කරන බව ද දකුණු පළාත් ආණ්ඩු­කා­ර­ව­රයා සඳ­හන් කළේය. ගුරු පුර­ප්පාඩු වී ඇති විෂ­ය­යන් අනුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස මට්ට­මින් මෙම ගුරු­ව­රුන් ඉදි­රියේ බඳවා ගැනී­මට කට­යුතු කරන බව ද ආණ්ඩු­කා­ර­ව­රයා පැවැ­සීය.

මේ පිළි­බඳ අද­හස් දක්ව­මින් දකුණු පළාත් ආණ්ඩු­කා­ර­ව­රයා මෙසේ ද පැවැ­සු­වේය. “රජයේ සේවයේ නියුතු උපා­ධි­ධාරී සංව­ර්ධන නිල­ධා­රීන් පිරි­සක් විභා­ග­යක් නොප­වත්වා ගුරු­ව­රුන් ලෙස බඳවා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් කරනු ලැබූ ඉල්ලී­ම­කට අනුව තහ­නම් නියෝ­ග­යක් පනවා තිබුණා. එම තහ­නම ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මඟින් ඉවත් කළා. ඒ නිසා දකුණු පළාත් සභා­වට මෙම ගුරු­වරු බඳ­වා­ගැ­නී­මට හැකි­වෙලා තියෙ­නවා. ගුරු­ව­රුන් බඳ­වා­ගැ­නීමේ කට­යුතු මේ වන විට ආරම්භ කොට තියෙ­නවා. ගුරු විභා­ගය සඳහා අපේ­ක්ෂ­ක­යින් 10500 දෙනෙකු ඉදි­රි­පත් වුණා. ගුරු­ව­රුන් බඳවා ගැනීම තුළින් දකුණු පළාතේ ගුරු හිඟ­යට විස­ඳුම් ලැබෙ­නවා.” දැනට විශ්‍රාම ගොස් සිටින ගුරු­ව­රුන්ගේ පුර­ප්පා­ඩුත් සමඟ ඉදි­රියේ දී ගුරු­වරු 1500ක් පමණ බඳ­වා­ගැ­නී­මට හැකි­වන බවද දකුණු පළාත් ආණ්ඩු­කා­ර­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT