Home » හාලි­ඇළ විහා­ර­ස්ථාන දෙකක් එකම දවසේ හොරු බිඳලා

හාලි­ඇළ විහා­ර­ස්ථාන දෙකක් එකම දවසේ හොරු බිඳලා

by Gayan Abeykoon
February 29, 2024 1:00 am 0 comment

සොර­ණා­තොට සමූහ - සී. ගමගේ බදුල්ල - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන

හාලි­ඇළ, ශ්‍රී බිම්බා­රාම විහා­ර­ස්ථා­නය සහ බෝග­හ­ම­ඩිත්ත ශ්‍රී ජේත­ව­නා­රාම විහා­ර­ස්ථා­න­යට පෙරේදා (27) අලු­යම ඇතුළු වී ඇති සොර­ක­ල්ලි­යක් විහා­ර­ස්ථා­න­වල තිබූ පිංකැට දෙකක් කඩා විහා­ර­ස්ථා­නයේ ආවාස ගෙයි තිබූ මුදල්, ආර­ක්ෂිත කැමරා උප­ක­රණ කට්ටල ඇතුළු රුපි­යල් 97000ක් පමණ වටිනා දේපළ සොරා­ගෙන ගොස් ඇතැයි හාලි­ඇළ පොලි­සිය පව­සයි.

ශ්‍රී බිම්බා­රාම විහා­ර­ස්ථා­නය වසා තිබි­යදී දොරේ ඉබ්බා කඩා ආවාස ගෙට ඇතුළු වී ඇති සොරුන් එහි තිබූ මුදල් රුපි­යල් 67000ක් ද, විහා­ර­ස්ථා­නයේ ආර­ක්ෂිත කැමරා පද්ධ­තියේ රුපි­යල් 25000ක් වටිනා ඩී. වී. ආර්. යන්ත්‍රය ද ගලවා සොරා­ගෙන විහා­ර­ගෙයි තිබූ පිංකැ­ටය ද මෙසේ කඩා දමා ඇති බවත් පොලි­සිය පැවැ­සීය.

මේ අත­ර­තුරේ හාලි­ඇළ, බෝග­හ­ම­ඩිත්ත ශ්‍රී ජේත­ව­නා­රාම විහා­ර­ස්ථා­නයේ වාක­වු­ළු­ව­කින් විහා­ර­ස්ථා­නයේ විහා­ර­ගෙට ඇතුළු වී ඇති සොරුන් එහි පිංකැ­ටය ද කඩා මුදල් රුපි­යල් 5000ක් පමණ සොරා­ගෙන ගොස් ඇතැයි ද පොලි­සිය සඳ­හන් කරයි. එම පිංකැ­ටය විහා­ර­ස්ථා­නයේ චෛත්‍යය ආස­න්නයේ දමා ගොස් තිබි­යදී සොයා­ගත් බව ද පොලි­සිය පැවැ­සීය. එකම දින රාත්‍රී කාලයේ සිදු වූ මෙම සොර­කම් සම්බ­න්ධ­යෙන් මෙතෙක් කිසි­වෙකු අත්අ­ඩං­ගු­වට ගෙන නොමැති බව ද හාලි­ඇළ පොලි­සිය පැවැ­සීය.

ඌව පළාත් භාර නියෝජ්‍ය පොලි­ස්පති සම්පත් කුමාර ලිය­නගේ, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි වසන්ත කන්දේ­වත්ත, පොලිස් අධි­කාරි පී. එම්. ජය­රත්න යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත හාලි­ඇළ පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක රුවන් ගුණ­ති­ලක, උප­පො­ලිස් පරී­ක්ෂක උපාලි බණ්ඩාර, පොලිස් සැර­යන් (1477) ජය­සිංහ, (54167) ලාල්, (39403) ඒක­නා­යක යන මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධා­රීහු වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT