රාජකාරිවලින් නිවාඩු ලබා නිවෙසට පැමිණ සිටි කාලය අතරතුර අසල්වැසියෙකු සමඟ ගැටුමක් ඇති කර ගත් බව කියන යුද හමුදා සෙබළෙක් පුත්තලම පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකාර යුද හමුදා සෙබළා කොට්ටුකච්චියේ පදිංචිකරුවෙකි. පුන්තෝට්ටම් යුද හමුදා කඳවුරේ රාජකාරි කරන සැකකාර යුද හමුදා සෙබළා නිවාඩු ලබා නිවෙසට පැමිණ සිටි අතරතුර අසල්වාසියෙක් සමඟ ගැටුමක් ඇති කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව ක්රියාත්මකවූ පුත්තලම පොලිසිය එම යුද හමුදා සෙබළා සැකපිට පෙරේදා (27) මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර සෙබළා පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.