Saturday, May 10, 2025
Home » නිවා­ඩු­වට ගෙදර ආ සෙබළා අස­ල්වැ­සි­යකු සමඟ රණ්ඩු වී පොලිස් අත්අ­ඩං­ගුවේ

නිවා­ඩු­වට ගෙදර ආ සෙබළා අස­ල්වැ­සි­යකු සමඟ රණ්ඩු වී පොලිස් අත්අ­ඩං­ගුවේ

by Gayan Abeykoon
February 29, 2024 1:00 am 0 comment

පුත්ත­ලම සමූහ , ක්රිස්පිල් බෙන­ඩික් ප්රනාන්දු

රාජ­කා­රි­ව­ලින් නිවාඩු ලබා නිවෙ­සට පැමිණ සිටි කාලය අත­ර­තුර අස­ල්වැ­සි­යෙකු සමඟ ගැටු­මක් ඇති කර ගත් බව කියන යුද හමුදා සෙබ­ළෙක් පුත්ත­ලම පොලි­සිය සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

පොලි­සිය මෙසේ සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන ඇති සැක­කාර යුද හමුදා සෙබළා කොට්ටු­ක­ච්චියේ පදිං­චි­ක­රු­වෙකි. පුන්තෝ­ට්ටම් යුද හමුදා කඳ­වුරේ රාජ­කාරි කරන සැක­කාර යුද හමුදා සෙබළා නිවාඩු ලබා නිවෙ­සට පැමිණ සිටි අත­ර­තුර අස­ල්වා­සි­යෙක් සමඟ ගැටු­මක් ඇති කර ගැනීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ලැබී ඇති පැමි­ණි­ල්ල­කට අනුව ක්‍රියා­ත්ම­කවූ පුත්ත­ලම පොලි­සිය එම යුද හමුදා සෙබළා සැක­පිට පෙරේදා (27) මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. මෙසේ අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ සැක­කාර සෙබළා පුත්ත­ලම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කර තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT