Home » කැනඩා රැකියා පෙන්වා ලක්ෂ 65ක් වංචා­කර අට වස­රක් රටින් පැන්න කතක් කොටු

කැනඩා රැකියා පෙන්වා ලක්ෂ 65ක් වංචා­කර අට වස­රක් රටින් පැන්න කතක් කොටු

by Gayan Abeykoon
February 29, 2024 1:07 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ, පොතු­පි­ටිය - සුමිත් ප්රේම­ති­ලක

කැන­ඩාවේ රැකියා දෙන බව පවසා රුපි­යල් ලක්ෂ 65කට අධික මුද­ලක් වංචා කර වසර 8 කට අධික කාල­යක් විදේ­ශ­ග­තව සැඟව සිටි කාන්තා­වක් අත්අ­ඩං­ගු­වට ගත් බව පාණ­දුර කොට්ඨාස විශේෂ අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කා­රිය ද්විත්ව පුර­වැ­සි­භා­වය හිමි තැනැ­ත්ති­යක් බව පොලි­සිය පව­සයි.

සැක­කා­රිය 2016 වර්ෂයේ දී පාණ­දුර ප්‍රදේ­ශයේ කාර්යා­ල­යක් පව­ත්වා­ගෙන යමින් එම ප්‍රදේ­ශ­යේම ප්‍රසිද්ධ පාස­ලක මේ වන විට මිය­ගොස් සිටින ගුරු­ව­රි­යක් සමඟ එක්ව මෙම වංචාව සිදු­කර තිබූ බව පොලි­සිය සඳ­හන් කරයි.

සැක­කා­රි­යන්ගේ වංචා­වට හසුවූ වත්තල, පාණ­දුර කොළඹ හා මාතර ආදී ප්‍රදේ­ශ­වල පුද්ග­ල­යන් රුපි­යල් ලක්ෂ 12 , 13, 15 හා 25 ආදි මුදල් ප්‍රමා­ණ­යන් විදේ­ශ­ගත වීමේ බලා­පො­රො­ත්තු­වෙන් ලබා දී තිබූ බවත් පාණ­දුර කොට්ඨාස විශේෂ අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය වෙත ලද පැමි­ණිලි හත­රෙන් සනාථ වන බව පොලිස් නිල­ධා­රි­යකු පැව­සීය. එම වර්ෂයේ අග භාගයේ දී හිටි හැටි­යේම කැන­ඩාව කරා පලා ගිය සැක­කා­රිය මෙම මස 13 වැනිදා මෙර­ටට පැමිණ ඇති බවට ලද තොර­තු­ර­කට අනුව මාලබේ ප්‍රදේ­ශ­යේදී පෙරේදා (27) රාත්‍රී අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වූ බව පොලි­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කා­රි­යට එරෙ­හිව විදේශ ගමන් තහ­න­මක්ද ලබා ගෙන තිබූ බව පොලිස් නිල­ධා­රි­යකු පැව­සීය. සැක­කා­රිය මේ ආකා­ර­යෙන් රැකියා ලබා දෙන බව පවසා තවත් පුද්ග­ල­ය­න්ගෙන් මුදල් වංචා කර ඇත්දැයි සොයා බැලීම සඳහා දිව­යිනේ සෑම පොලිස් ස්ථාන­ය­ක­ටම පොලිස් පණි­විඩ නිකුත් කළ බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

50 හැවි­රිදි සැක­කා­රිය පාණ­දුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT