ප්රතිකාර අවසන්ව බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටි මාංචු සමඟ සිටි 29 හැවිරිදි අයෙකු බන්ධනාගාර බස් රථයෙන් පැන ගොස් සිටියදී තහනම් පිහියක්, හෙරොයින් හා සොරබඩු සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෙවල් බිඳීම් ඇතුළු සොරකම්වලට සැකකරුවකු වූ මෙම පුද්ගලයා විසින් පොලිස් ස්ථානයේ වීදුරු දොරක ඔහුගේ හිස ගසා ගැනීම හේතුවෙන් ප්රතිකාර ගැනීම සඳහා කරාපිටිය මූලික රෝහලේ පසුගිය 18 වැනිදා තෙක් බන්ධනාගාර ආරක්ෂාව යටතේ ප්රතිකාර ලබා තිබේ.
18 වැනි දින ප්රතිකාර අවසන්ව බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටිය දී මාංචු සමඟ බන්ධනාගාර බස් රථයෙන් පැන ගිය මෙම පුද්ගලයා බලපිටිය ප්රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු ඉකුත් 25 වැනිදා අම්බලන්ගොඩ පොලිස් වසමේ පන්සල පාර, වලගෙදර, බලපිටිය ප්රදේශයේ දී විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී, හෙරොයින් මිලිග්රෑම් 2,096ක්, තහනම් පිහියක් හා සොර බඩු යැයි සැකකරන ආභරණ සමඟ ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇහැලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.